ලයන් ඔස්‌ට්‍රේලියාවේ ඉලක්කය 76ක් කරයි

200

ඉන්දියාව සහ ඔස්‌ට්‍රේලියාව අතර බෝඩර් ගවස්කාර් කුසලානය වෙනුවෙන් පැවැත්වෙන තරග හතරකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ජයග්‍රහණය කිරීම සඳහා ඔස්‌ට්‍රේලියාවට ලකුණු 76 ක ඉලක්කයක් හිමිවී ඇත.

තවමත් දෙවෙනි ඉනිම ආරම්භ නොකළ ඔස්ටේ්‍රලියාව ට ඒ සඳහා කඩුලු දහයක් සහ සම්පූර්ණ දින තුනක් ඉතිරිව තිබේ.

දෙවෙනි ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව ඊයේ දිනය නිමා වන විට ලකුණ 163 කට දැවී ගිය අතර ඒ අනුව ඔස්‌ට්‍රේලියාවේ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 75කි.

දෙවැනි දිනය වූ ඊයේ ඔස්‌ට්‍රේලියා පළමු ඉනිම ලකුණු 197 ක ට සීමා වූ අතර ඉන්දීය දෙවෙනි ඉනිම සුණු විසුනු කර දැමූ දඟ පන්දු යවන ක්‍රීඩක නේදන් ලයන් ලකුණු 64කට කඩුලු 8 ක් දවා ගනිමින් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ ඉහළම දක්ෂතාවය දැක්වූයේය.

advertistmentadvertistment
advertistmentadvertistment