ලයිට් බිලේ බලයෙන් ලංවිම ආදායම කෝටි 50000 කින් ඉහළට

261

වරප්‍රසාද කැපුවොත් වර්ජනය කරන්න වෘත්තීය සමිති සැරසෙයි

සියයට හැත්තෑපහකින් විදුලි ගාස්තු ඉහළ දැමීම නිසා මසකට රුපියල් කෝටි පනස් දහසකින් (බිලියන 500) ලංවිම ආදායම ඉහළ යන බව ගණන් බලා තිබේ.

මේ වන විට ලංවිම මසකට ලබන පාඩුව රුපියල් කෝටි හැටදහස (බිලියන 600) ඉක්මවා තිබෙන හෙයින් මෙම තත්ත්වය හමුවේත් මණ්ඩලය මසකට බිලියන 100 ක පාඩුවක් ලබන බව සඳහන් වේ.

පෞද්ගලික ඩීසල් බලාගාර ඇතුළු අධික මිල ගණන් යටතේ විදුලිය නිපදවා ගන්නා ක්‍රම නිසා ලංකා විදුලිබල මණ්ඩලය ලබන පාඩුව වසරින් වසර වැඩිවූ අතර ඉකුත් මාර්තු මස සිටම විදුලි ගාස්තු ඉහළ දමන්නට ලංවිම උත්සාහ දැරීය.

මෙවර විදුලි ගාස්තු සියයට හැත්තෑපහකින් ඉහළ දැමීම නිසා විදුලි පාරිභෝගිකයන් ලබන මස විදුලි බිල්පත් ගෙවීමේදී දැඩි අසුරුතාවට පත්වනු ඇති බවත් මේ මොහොතේ එය කර්මාන්ත වෙළෙඳ සැල් ආදී ක්‍ෂේත්‍ර ගණනාවකට බලපා ඇති බවත් පාරිභෝගිකයෝ කියා සිටිති.

විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට වසර තුනකට වරක් වැටුප් වැඩි කළ යුතු අතර මණ්ඩලයේ ආදායම් හොඳ තත්ත්වයකට පත්වන තුරු සේවක ප්‍රසාද දීමනා හෝ අමතර ගෙවීම් සිදු නොකළහොත් ඊට එරෙහිව වෘත්තීය සමිති ඒකාබද්ධ වර්ජනයකට යොමු වන බව ලංවිම වෘත්තීය සමිති නායකයෝ මේ අතර කියා සිටිති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment