ලයිසන් මුද්‍රණය හමුදාවට දීමෙන් වසරකට කෝටි 120ක ඉතිරියක්

283

රියැදුරු බලපත‍්‍ර මුද්‍රණ කටයුතු මීට වසරකට පෙර යුද හමුදාව යටතට පත්කිරීමට ගත් තීරණය නිසා ඉකුත් මාස 12ට රටට ඉතිරිකර ගතහැකි වූ මුදල රුපියල් කෝටි එකසිය විස්ස ඉක්මවිය හැකි යැයි රජයේ විගණන නිලධාරීහු කියා සිටිති.

කෙසේ වෙතත් වසංගතය නිසා මෙම ගණන් වෙනස්විය හැකි බව ද ඔවුහු පැවසූහ.

මේ සම්බන්ධයෙන් මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතාගෙන් ‘දිවයින’ ඊයේ (19දා* විමසූ විට ඒ මහතා කියා සිටියේ අදාළ ගණනය කිරීම් තාමත් අවසන්ව නොමැති බැවින් නිශ්චිත ගණන් හිලව් නිල වශයෙන් ප‍්‍රකාශ කිරීමට නොහැකි බවයි.

විශේෂ චිපයක් සහිතව රියැදුරු බලපත‍්‍ර මුද්‍රණය කිරීමේ තාක්‍ෂණික පහසුකම මෝටර් රථ දෙපාර්තමේන්තුව සතුව නැතැයි කියමින් 2009 වසරේදී ඊධඔ (ඊමසකා ධචැර්එසදබ ්බා ඔර්බිෙැර* ක‍්‍රමයට අනුව එම කාර්ය භාර්යය පෞද්ගලික සමාගමක් වෙත පවරා දී තිබිණි.

එම ගිවිසුම යටතේ 2009 වසරේ සිට චිපය සහිත රියැදුරු බලපත‍්‍රයක් මුද්‍රණය කිරීම සඳහා එක් රියැදුරු බලපත‍්‍රයක් වෙනුවෙන් රුපියල් 1571ක මුදලක් අයකරගැනීමට එකී සමාගම කටයුතු කර තිබිණි. ඉදිකර මෙහෙයුම්කර යළි පවරාදීමේ (ඊධඔ* ගිවිසුම 2016දී අවසන් වූ පසුවත් එකී සමාගමට දිගින් දිගටම එම කොන්ත‍්‍රාත්තුව ලබාදීමට ඇමැතිවරුන්, හිටපු ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල්වරුන් හා අතිරේක නියෝජ්‍ය කොමසාරිස්වරු කටයුතු කර තිබිණි. මේ සම්බන්ධයෙන් රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සිදුකළ විගණනවලදී වැදගත් කරුණු රාශියක් හෙළිකර තිබුණත් ගිවිසුම් කාලය අවසන් වූ 2016 සිට 2020 අවසානය දක්වා එම සමාගමට දිගින් දිගටම එම කොන්ත‍්‍රාත්තුව ලබා දී තිබිණි.

රජයේ විගණනයේදී හෙළිවූයේ රුපියල් 1571ක මුදලක් අයකර මාසයකට රියැදුරු බලපත‍්‍ර 40,000ක් 90,000ක් අතර ප‍්‍රමාණයක් මුද්‍රණය කරන බවත් එසේ මුද්‍රණය කරන සෑම රියැදුරු බලපත‍්‍රයකින් රුපියල් දහසක් ඇතැම් හිටපු කොමසාරිස්වරුන්ට අතිරේක හා නියෝජ්‍ය කොමසාරිස්වරුන්ට කොමිස් ලෙස ලබා දී ඇති බවයි.

ඒ අනුව මෙකී සමාගම රියැදුරු බලපත‍්‍ර මුද්‍රණය කිරීමෙන් මාසයකට රුපියල් කෝටි 15කට අධික ආදායමක් උපයාගෙන ඇතැයි ද විගණනවලදී හෙළිවී ඇත. 2009 සිට 2020 යන වසර 11ක කාලයේදී මෙම සමාගම උපයාගත් මුළු ආදායම දළ වශයෙන් රුපියල් කෝටි 1600කට අධික බව ද විගණනවලදී හෙළි වී තිබිණි.

ගිවිසුම් කාලය 2016 දී අවසන් වූ පසු මෙකී සමාගමට එම කොන්ත‍්‍රාත්තුව ලබාදිය යුතු නැති බවට විගණනයේදී දැඩි සේ අවවාද කළත් 2020 වනතුරුම එය නොනැවතී දිගටම එකී සමාගමට කොන්ත‍්‍රාත්තුව ලබා දී තිබිණි.

ගිවිසුම් කාලය අවසන් වූ පසු 2016 සිට 2020 දක්වා කාලයේ මෙම සමාගම උපයාගත් ආදායම පමණක් රුපියල් කෝටි 650කට වැඩි බව ද හෙළි වී තිබිණි.

මෙම කරුණු හෙළි වූ පසු 2020 ජුනි මස සිට රියැදුරු බලපත‍්‍ර මුද්‍රණ ගාස්තුව රුපියල් 1571 සිට රුපියල් 1000 දක්වා පහත හෙළීමට එකී සමාගම තීරණය කළේය. නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා 2021 ජනවාරි 01 වැනිදා සිට රියැදුරු බලපත‍්‍ර මුද්‍රණ කටයුතු යුද හමුදාවට පැවරීමට තීරණය කළේ ඒ පිළිබඳ හෙළි වූ කරුණු පදනම් කර ගනිමිනි.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment