ලස්සන කාන්තාවන් තව තවත් ලස්සන කරන ග්‍රහ යෝග

1649

යම් ස්ත්‍රියක් මෙලොව බිහිවෙන අවස්ථාවේ ඇයගේ කේන්ද්‍රයේ පෙන්නුම් කර ඇති ග්‍රහ සංයෝග හා ග්‍රහ දෘෂ්ටිවල බලවේගයන් අනුව ඇයගේ පෙර භවයන්හි කළ පින් හා පව් සටහන් වී ඇත. ස්ත්‍රී කේන්ද්‍ර පරීක්‍ෂාවේදී විශේෂයෙන් සඳු ගැන සැලකිල්ලක් දැක්විය යුතුය.

ස්ත්‍රියගේ රුව ලක්‍ෂණ ගතිපැවතුම් හා අනෙකුත් ශරීරයේ වෙනස්කම් සඳුගේ පිහිටීම මත සිදුවෙයි. ඇය මෙලොව ජනිත වීමේදී ලග්න රාශිය හා සඳු හිමි රාශියක් වූයේ නම් එම ස්ත්‍රිය ස්ත්‍රිභාවය පෙන්නුම් කරයි. ස්ත්‍රියකගේ කේන්ද්‍රය සත්වන රාශියේ සුබ ග්‍රහයින් දෙදෙනකු සිටීම උතුම් ගතිඇති ලක්‍ෂණයක් වන අතර සුබ ග්‍රහයින් තිදෙනකු තැන්පත් වී නම් එම ස්ත්‍රිය රජ බිසවකට සමාන ස්ත්‍රියක් වෙයි. ඉතා පියකරු රූප සම්පත්තියක් ඇති ස්ත්‍රියකගේ කේන්‍ද්‍ර සටහනේ බොහෝවිට සඳු උච්චව ඇත. එවැනි ළඳ දෙවඟනක් මෙන් ශෝභමාන වේ. ගුරු උච්චව හත්වැන්නේ සිටිනවිට ඉතා ගුණ යහපත් ගති ඇති තම ස්වාමිපුරුෂයාට දැඩි ආදර ගෞරවයක් දක්වන කීකරු භාර්යාවක්ද වේ. එමෙන්ම සෞරග්‍රහ මණ්ඩලයේ සඳු, සිකුරු දෙදෙන ස්ත්‍රීකාරක බලය ලැබූ මවුකාරක ග්‍රහයින් වෙති. මෙම ග්‍රහ යුවළ උපතේ බලවත්ව සිටීම ස්ත්‍රියක් ගුණයහපත්කමින් හා රූමත් බවින් අගතැන්පත් වීමට හේතුවේ.

ඇයගේ අංග ලක්‍ෂණ දේහ ලක්‍ෂණ විලාසිතාවද, මුවකමල, මොනරපිල වැනි කෙස්කලඹ නාදලු වැනි දෙතොල්, සිහිනිඟ තිසරතන දුටුවන් මනබඳින කතාවිලාශය මෙම ග්‍රහයින්ගේ ආකර්ෂණ බලය තුළ ගැබ්වී ඇත. ජීව ශක්ති පදාර්ථය නියෝජනය කර ජීවග්‍රහයා රවිය. මෙම සඳු සිකුරු යෝගය තුළ රවි බලවත්ව උපතේ පිහිටා ඇත්නම් එම රවිගේ බලය තුළ ගැබ්වන සඳු සිකුරුගේ බලය ලද ස්ත්‍රිය රටක් රාජ්‍යයක් පාලනය කිරීමට තරම් වාසනාව ඇති රූමත්කමින්ද, කා අතරත් ප්‍රසිද්ධ තැනැත්තියක් වේ. එසේම රවි, බුධ යෝග බලය තුළ සඳු, සිකුරු බලය ලබන ස්ත්‍රිය

ඉගෙනීම හා නැණ නුවන අතින් උසස් අධ්‍යාපනයක් ලබන විශ්වවිiාල මහාචාර්ය උපාධිය සඳහා යෑමේ වාසනාව ලබන සුරූපිනියන් වෙති.

සඳු සිකුරු යෝගය තුළට ර.බු.ගු.කු.ර. ශනි සංයෝගය ආවිට සඳු, සිකුරු ලග්නගත යෝගයෙන් උපත ලැබූ කාන්තාව පතිවෘත්තාව ආදී ගුණධර්ම වලින් පිරුණ මනා බුද්ධියක් ඇති දැඩි ආත්ම සංයමයක් ඇති උගත් අයෙක් වේ. එමෙන්ම තම ස්වාමි පුරුෂයාට සැමියා ඇගේ දේවියාය යන වැකිය ක්‍රියාවෙන් පෙන්නුම් කරන ස්ත්‍රියක් වෙයි.

ස්ත්‍රියකගේ රුව, සිරුර, සෞඛ්‍යය සහ ඇගේ ස්වභාවය වැනි දේ පාලනය කරනු ලබන්නේ  ලග්නයෙන්. රවිගෙන්, සඳුගෙන් සහ සිකුරුගෙන් සත්වෙනි රාශිද සත්වෙනි රාශිවල සිටින ග්‍රහයින්ද සත්වෙනි රාශිය ඇසුරු කරනු ලබන ග්‍රහයන්ද විසිනි. සාමාන්‍යයෙන් ප්‍රබලම ග්‍රහයා සිකුරු හෝ ගුරු හෝ චන්ද්‍රයා වෙනම් ඇගේ වර්ණය පැහැපත් වන බව සඳහන් වෙයි.

 අඟහරු ප්‍රබලම තත්ත්වයේ සිටීනම් ඇගේ වර්ණය පැහැපත් හෝ අඳුරු හෝ නොවේ. සෙනසුරු හෝ රාහු හෝ කේතු හෝ ප්‍රබලත්වයට පත්වූ විට සමෙහි වර්ණය අඳුරු පැහැය ගනී. රවි ප්‍රබලම ස්ථානයේ සිටිනවිට ස්ත්‍රිය වයසට වඩා වැඩිමහලු පෙනුමකින් යුක්තව පෙනෙනු ඇත. ශරීරය මධ්‍ය ප්‍රමාණ වෙත අතර සමේ වර්ණය දීප්තියෙන් තොරවේ. කටහඬද තියුණු බවක් පෙන්නුම් කරයි.

පුරපස සඳ ප්‍රබලව සිටිනවිට ස්ත්‍රියකගේ පෙනුම වඩා යහපත් වෙන අතර ගතිගුණ හා ක්‍රියාකාරකම් බොළඳ වේ. අවපස සඳු ප්‍රබලත්වයට පත්වූ විට ඇය පෙනුමෙන් යහපත් නොවේ. ළමයකු මෙන් හැසිරෙන අතර

රෝගාබාධා වලටද ගොදුරුවනු ඇත. බුධ, ගුරු, සිකුරු ආදි ග්‍රහයින් ප්‍රබල තත්ත්වයට පත්වූ විට ස්ත්‍රිය ඉතා දැකුම්කලු ස්වරූපයක් ගනී. සෙනසුරු ග්‍රහයා ප්‍රබල වූ ස්ත්‍රිය මහලු පෙනුමක් ගනී. වර්ණයෙන්ද අඳුරුය. එහෙත් ඇය සාමාන්‍යයෙන් බුද්ධිමත්ය.

දුබලත්වයට පත්වූ කේතු හෝ රාහු හෝ සතවැන්නට පැමිණිවිට මහලු හෝ දැකුම්කලු බවින් තොර ස්ත්‍රියක් වනු ඇත. කුරිරු ස්වභාවයෙන්ද යුතුවෙයි. සඳු සහ ගුරු ආත්ම කාරක ග්‍රහයාගේ නවාංශක රාශියෙන් සත්වැන්නේ සිටිනවිටද ඇය දැකුම්කලු සුරූපි තැනැත්තියක් වේ. සත්වැන්නාධිපති පාප ග්‍රහයෙකු සමග දුෂ්ට ස්ථානායක සංයෝගවී හෝ එවැනි ග්‍රහයකුගේ දෘෂ්ටියකට හසුවී සිටිනවිටද ස්ත්‍රී රූපය පියකරු නොවේ. සත්වැන්නාධිපති සහ සිකුරු ඉරට්ටේ රාශිවල සිටිනවිට ද ස්ත්‍රිය රුවැති වුවත් එම ග්‍රහයින් ඔත්තේ රාශිවල සිටිනවිට ඇගේ පෙනුමෙහි සහ චරිතයෙහි වඩාත් ප්‍රකටවන්නේ පුරුෂ ලක්ෂණය.

චන්ද්‍රයා කුජ, බුධ, ගුරු යන ග්‍රහයන් සමග කටක රාශියට හෝ සත්වැන්නට පැමිණිවිට උපන් ස්ත්‍රිය ස්වකීය රූපය හේතුකොටගෙන රජවරුන් පවා තම වසඟයට ගන්නීය. චන්ද්‍රයා විසින් දක්නා ලැබූ ෂඩ්වර්ගයෙන් පිරිසිදු වූ බ්‍රහස්පති ග්‍රහයා කේන්ද්‍රගතව සිටියදී උපන්නි මනා රූපයෙන් යුත් ධනවත් ගුණවත් රජ බිසවක් සමානවන්නීය. ලග්නය කටකය වී සත්වැන්නේ රවි සිට බ්‍රහස්පති ග්‍රහයාගේ දෘෂ්ටි ලද්දේ නම් රූපශ්‍රීයෙන් අගතැන්පත් වූ ශිල්ප ශාස්ත්‍ර උගත් යහපත් දරුවන් ඇති රජ බිසවකට සමාන වන්නීය.

ලලනා රුව වැඩිකරන තවත් ග්‍රහයෝගයක් වනුයේ  ලග්නය, දෙවැන්න හා සඳු සිටි රාශිය යන ස්ථානයන්ද කේන්ද්‍රයේ දෙවැන්නෙන් ප්‍රකාශ වන්නේ කෙනකුගේ මුහුණ හා යහපත් කථාවයි. එහි සුබ ග්‍රහයන් විසින් දක්නා ලද දෙවැන්නාධිපති කේන්ද්‍ර ගතවද, දෙවැන්නේ ශුභයන්ද සිටියදී උපතින් දුටුවන් ප්‍රියකරන කතක් වෙයි. සර්වාර්ථ චින්තාමනියේ සඳහන් වන පරිදි කේන්ද්‍රයේ දෙවැන්න රූමත් මුහුණක් ඇතිවීමට ප්‍රධාන තැනක් ගන්නා බව කියැවේ. එමෙන්ම බ්‍රහස්පති හෝ සිකුරු උපන් ලග්නයේ හෝ දුටුකල්හි සත්වැන්න වන කන්‍යා රාශියේ බුධ ද මකර රාශියේ අඟහරුද, චන්ද්‍රයා කටක රාශියේද සිටියොත් ඇය රූපශ්‍රීයෙන් බබළන රාජණියක් වෙයි. උපන් ලග්නය මීනය වී එහි බ්‍රහස්පතිද, සඳු කටකයේද යෙදීම ලොව දහස් ගණනක් අඟනාවන් අතුරෙන් රාජකීය බවට පත්වීමට හේතුවෙක් වේ. ස්ත්‍රි කේන්ද්‍රයක තවත් වැදගත් පිහිටීමකි. චන්ද්‍රයා කේන්ද්‍රගතව ලග්න ස්ථානයේ පිහිටීම මෙසේ උත්පත්තිය ලබන ඇය ඉතා සෞම්‍ය ගතිවලින් යුතුවෙයි. එලෙසම රවුම් වටකුරු අත්පා වලින් යුතු පිරිපුන් දේහ ලක්‍ෂණ ඇතිවීමටද හේතුවේ. තවද මෙවන් යුවතියන් කලා ලොවේද අගතැන්පත් තැනැත්තියක්ද වෙයි. සංගීතය, චිත්‍ර ශිල්පය, රංගනය වැනි ක්‍රියාවලදී ඉතා ඉහළ ස්ථානයක් හිමි කරගනී. මෙවැනි ස්ත්‍රීන් කෙරෙහි දක්නට ලැබෙන ප්‍රධානම ලක්‍ෂණයක් නම් ඒ හැම දෙයක්ම අභිභවා ඉදිරියට එන ස්වාමි භක්තියයි. මේ නිසා මෙවන් ස්ත්‍රියක් හා විවාහ වන පුරුෂයා ඉතා වාසනාවන්තව ගෘහ ජීවිතය සැපවත් කර ගන්නා අතර ඇය නිසා ඔහුද සමාජයේ බබළන්නේය.

හිඹුටානේ පියතිලක ද අල්විස්

advertistmentadvertistment
advertistmentadvertistment