ලස්සන බලන්න ගිහින් පහන්තුඩාවේ රූ ගත කළ ‘වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටය

2141

මෙම දිනවල වඩාත් කතා බහට ලක්වන පහන්තුඩාව දියඇල්ල, ගලගම දියඇල්ල ලෙසද සමහරු අතීතයේ හැඳින්වූහ. මෙම දිය ඇල්ලේ මීටර් 4.6ක (අඩි 15) පාදම කොටස තෙල් ලාම්පුවක හැඩයෙන් යුක්තය. එම නිසා මෙම දිය ඇල්ලට පහන්තුඩාව යන
නම පටබැඳී ඇති බව පැරැන්නෝ පවසති.

බලන්ගොඩ ඉඹුල්පේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මායිම්ව පිහිටි මෙම දිය ඇල්ලට බෙලිහුල්ඔය සිට කිලෝමීටර් 1.5 ක පමණ දුරක් තිබේ. සුන්දරත්වයෙන් අනූන වුව ද මෙම දිය ඇල්ල ඉතාමත් අවදානම් ස්ථානයක් ලෙස හැඳින්වේ. දැනටමත් මෙම සුන්දර දිය ඇල්ල මිනිස් ජීවිත 21ක් බිළිගෙන තිබේ. ඒ අතර සබරගමු විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් තුන් දෙනෙක් ද සිටිති.

”පයින් ඇවිත් කරෙන් නොයමු.” යන වැකිය පහන්තුඩාව දියඇල්ල අසල ගලක ලියා තිබේ. එම පද පේළියෙන්ම මෙම සුන්දර දිය ඇල්ලේ අනතුරුදායක බව සංචාරකයින්ට තේරුම් ගත හැකිය. එලෙස කොතරම් අනතුරුදායක තැනක් වුවත් මෙම ඇල්ල නැරඹීම සඳහා සංචාරකයෝ බොහෝ දෙනෙක් පැමිණෙති. එයින් වැඩි පිරිසක් වනුයේ ආදරවන්තයින්ය.

අනතුරුදායක තැනක් වුවත් ආදරවන්තයින් බහුලව මෙම ස්ථානයට පැමිණෙන්නේ ඔවුන්ට ඇති අසීමිත නිදහස නිසාය. එලෙස පැමිණෙන බහුතරයක් පෙම්වතුන්, පෙම්වතියන් දිය ඇල්ලේ සුන්දරත්වයට අමතරව වටපිටාවට ගොස් තම තමන්ගේ සුන්දරත්වය ද විඳ ගනිති.

කොරෝනා වසංගතය හමුවේ පණවා තිබූ දැඩි සංචරණ නීති නිසා මෙම දිය ඇල්ල නැරඹීමට පසුගිය කාලය පුරාවටම සංචාරකයන් පැමිණියේ නැත. එවන් පසුබිමක මෙම පහන්තුඩාව දියඇල්ල නැරඹීමට සංචරණ නීති උල්ලංඝනය කරමින් තරුණ යුවලක් පසුගිය දිනෙක පැමිණියහ. එලෙස පැමිණි යුවළ චාමර සහ සඳුනි යන නාමයෙන් අපි හඳුන්වන්නෙමු.

දිගු වරලසකින් සහ තරමක මහතකින් යුත් සඳුනිගේ වයස අවුරුදු විසි හතරකි. ඇය රූපලාවන්‍ය ශිල්පිනියකි. පිරිමින් වශී කරවන සුළු සිනහවක් මෙන්ම රුවක් ද ඇයට තිබුණි. අවුරුදු තිස් හතරක් වන චාමර සුදු හීන්දෑරි උස තරුණයෙකි.

ලස්සන බලන්න ගිහින් පහන්තුඩාවේ රූ ගත කළ 'වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටය

චාමර සහ සඳුනි පහන්තුඩාව දියඇල්ල නැරඹීම සඳහා පැමිණීමට පෙර මෙලෙස කතාබස් වූහ.

”සඳුනි මොකද අපි දැන් කරන්නේ.”

”ඒක තමයි මමත් කල්පනා කළේ.”

”කොවිඞ් හින්දා කිසිම ආදායම් මාර්ගයක් නැහැ. ඒ වගේම ගෙදරට හිර වෙලා ඉඳලා කම්මැලියි.”

”ඒක තමයි චාමර. මොකද කරන්නෙ ඉතින් අපි.”

”කරන්න දෙයක් තියෙනවා.”

”මොකක්ද ඒ.”

”අපි පහන්තුඩාව දිය ඇල්ල බලන්න යමු.”

”මේ සංචරණ නීති අස්සේ. අනික මම ඕක තියෙන්නේ කොහෙද කියලවත් දන්නේ නැහැ.”

”ඒක තියෙන්නේ බෙලිහුල්ඔය පැත්තේ. කැලෑවක් මැද. ලස්සන තැනක්.”

”එහෙමද?”

”ඔව් එහෙම තමයි. තව එතනට වැඩිපුර යන්නේ කපල් විතරයි.”

”ඒ මොකද?”

”දන්නෙ නැහැ මොකුත්, ඔයා බබා නේ.”

”ඇත්තටම දන්නේ නැහැ. ඒකයි ඇහුවේ.”

”මහ කැලෑව මැද කවුරුත් නැහැ. ඒකයි කපල් යන්නේ. දිය ඇල්ලත් බලලා තමන්ගෙ වැඩක් කරගෙන එන්න පුළුවන් හෙමින් සීරුවේ.”

”අපිත් යමුකෝ චාමර. මමත් ආසයි.”

”ඒක තමයි මම කල්පනා කළේ. මේ දවස්වල කවුරුත් නැහැනේ. ගිහින් අපිත් වීඩියෝ එකක් කරමු.”

”ඔයාට පිස්සුද? කවුරු හරි දැක්කොත්.”

”අපි දෙන්නා මේවා පුරුදු වෙන්න කරන එවා නෙමෙයිනේ සඳුනි. කැලෑවල් කීයක අපි ඒ වගේ හිටිය ද.? කෝ අද වෙනතුරු කවුරුත් දැක්කද?”

”අනේ මන්දා ඔයාගේ කැමැත්තක්.”

”ඔයා බය නැතුව ඉන්න. අපි පහන්තුඩාව දිය ඇල්ලේ අපේ නිදහස උපරිමයෙන්ම භුක්ති විඳිමු. ඒ විතරක් නොවෙයි ඒක වීඩියෝ කරලා ලෝකෙටම පෙන්නමු.”

”හැබැයි දෙන්නගෙම මුහුණු වහලා.”

”එහෙම තමයි. නැත්නම් කොහොමද අපි සමාජයට මුහුණ දෙන්නෙ. අපි ඒ විඩියෝ එක යූටියුබ් එකටත් දාමු.”

”ඔව්, ඕක අනිවාර්යෙන්ම වයිරල් වෙනවා. එතකොට අපිට හොඳ ගාණක් හොයා ගන්නත් පුළුවන්.”

”කවදද අපි යන්නේ.”

”ඔයා කැමති දිනයක් දාගන්න. මම ඕනම දවසක, ඕනම දේකට රෙඩි. ඔයා දන්නවනේ.”

ඒ අනුව දෙදෙනා සංචරණ නීති අස්සේ පහන්තුඩාව දියඇල්ල නැරඹීම සඳහා යෑමට දිනයක් යොදා ගත්හ.

නියමිත දිනය උදා විය. කැමරා ආම්පන්නත් දමාගත්තේ ඔවුන් දෙදෙනා පහන්තුඩාව දියඇල්ල නැරඹීමට පිටත් විය. දහවල් එකොළහ පමණ වන විට ඔවුන් එම ස්ථානයට පැමිණියේය. එලෙස පැමිණි ඔවුන් දෙදෙනා යළි මෙලෙස කතාබස් කළහ.

”බලන්න ඒකනේ මම කිව්වේ. කොච්චර ලස්සන තැනක් ද?.”

”ඒක නම් ඇත්ත චාමර. ඇත්තටම ලස්සනයි.”

”ඒ වගේම පේන තෙක් මානෙක මිනිස් පුළුටක් නැහැ. වන සතුන්ගේ සද්දෙ විතරයි.”

”ඒ උනාට හැංගිලා වත් මිනිස්සු ඉන්නවද දන්නෙ නෑ.”

”ඔයාට පිස්සුද මේ මහ කැලෑවෙ බල්ලෙක් වත් නැහැ. ඊට වඩා ඇඳිරි නීතිය දාලා තියෙන්නේ.

ගමේ මිනිස්සු වුණත් ඉන්නේ ගෙවල් වල.”

”හරි හරි ඒකෙන් වැඩක් නැහැ දැන්. මොකද අපි කරන්නේ.”

”කරන්නේ අපි කතා වෙච්ච දේ තමයි. මම කැමරාව ෆෝකස් කරලා තියන්නම්.”

”මට නම් බයත් එක්ක.”

”බයවෙන්න එපා. ගලවන්න ඔය ඇඳුම් ටික සේරම. ඉන්පස්සෙ නිදහසේ අපි දෙන්නා ඉමු.”

මිනිස් පුළුටක්වත් නොමැති පහන්තුඩාව දියඇල්ලේ ගල්තලාව මත දෙදෙනා ඇඳුම් උනා නිරුවත් වූහ. ඉන්පසු කතිකාකරගත් පරිදි දෙදෙනා කිසිදු බියක් සැකක් නොමැතිව ලිංගිකව හැසිරුණහ. පැය භාගයකට ආසන්න කාලයක් ඔවුන් දෙදෙනා එලෙස හැසිරුණහ. මේ සියල්ල ඔවුන් අසල අටවා තිබූ කැමරාවේ ද සටහන් විය. සියල්ල අවසන් වූ පසු දෙදෙනා නිවස බලා යළි පැමිණියහ.

නිවසට පැමිණ දින දෙකකට පසු පහන්තුඩාව දියඇල්ලේ නිරුවතින් ලිංගිකව හැසිරුණු එම වීඩියෝ පටය සංස්කරණය කර ඔවුන් දෙදෙනා අන්තර්ජාලයට දැමූහ. එම වීඩියෝ පටය දමා පැය කිහිපයකට පසුව අන්තර්ජාලය පුරා එය ව්‍යාප්ත විය. ඒ සමඟම මෙරට පමණක් නොව විදෙස් රටවල ජනතාව පවා එම වීඩියෝ පටය මහත් කුතුහලයකින් යුතුව නැරඹුහ. ඉන්පසු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පහන්තුඩාව දියඇල්ල පිළිබඳව සහ එම වීඩියෝ පටයෙ සිටි යුවල ගැන බොහෝ පිරිස් කතා කිරීමට පටන් ගත්හ.

සමාජය තුළ වැඩි වශයෙන් කතාබහට ලක්වූ එම නිරුවත් වීඩියෝව නිකුත් වී දින කිහිපයකට පසු පොලිසිය ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදු කළේය. එම පරීක්ෂණය සිදුකර දින දෙකක් ගත වන්නට මත්තෙන් නිරුවත් වීඩියෝ පටයේ සිටි යුවල ගැන බොහෝ තොරතුරු එම නිලධාරීන් සොයාගෙන තිබුණි.

සොයාගත් එම තොරතුරුවලට අනුව පසුගිය දෙවැනි දා එම සැකකාර යුවල පොලිස් අත්අඩංගුවට පත්වූහ. අත්අඩංගුවට පත් වූ එම සැකකාර යුවළ මීට පෙර මීමුරය ප‍්‍රදේශයේ කැලෑවක් තුළ ද මෙලෙස නිරුවතින් ලිංගිකව හැසිරෙන වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදාහැර තිබුණහ.

සමාජය තුළ ජීවත් වන ළමා පරපුර ගැනවත් නොසිතා මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් මෙවැනි නිරුවත් ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පට සමාජයට මුදාහැරීම දැන් රැල්ලක් බවට පත්වෙමින් තිබේ. එම නිසා මෙවැනි පුද්ගලයින් පිළිබඳ සොයා බලා දැඩි දඬුවම් ලබා දිය යුතුය. එසේ නොවුණහොත් හොර රහසේ මෙවැනි වීඩියෝ පට නරඹා කුඩා ළමයින් පවා එවැනි ලිංගික ක‍්‍රියාවල නිරත වීමට පුළුවන.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment