ලස්සන වෙන්න  ගන්නා ආහාර

763

කුසගිනි නිවා ගැනීමට දවසේ ප්‍රධාන ආහාර වේල් තුන ගැනීමට නොහැකිව ළතවන ජනතාව අතර එම වේල් තුන නිසි ලෙස ගැනීමට බිය වන පිරිසකුත් සිටිති. ඔවුන් හඳුන්වන්නේ ආහාර පාලනය කරන :ෘස්එ ක්‍දබඑරදක* අය ලෙසය. මොවුන්ට ගැටලුව වී ඇත්තේ තම සිරුරේ තරබාරු බව, දියවැඩියාව, කොලෙස්ටරෝල් අධික බව, අධිරුධිර පීඩනය, හෘදයාබාධ වැනි රෝගවලට ගොදුරුවීමේ අවදානම පැවතීමය. එනිසා ඒවා පාලනය කර ගැනීමට ආහාර පාන ගැනීම සීමා කිරීමට යොමුවී ඇත.

මේ අතර තව පිරිසක් තම රූප සොභාව ගැන සිතා ආහාර පාලනයට යොමුව සිටිති. විශේෂයෙන්ම මෙම පිරිස අතර තරුණ ගැහැනු ළමයි බහුලව සිටිති.

ඔවූහු තම පංච කල්‍යාණය ආරක්ෂා කර ගැනීමට සහ එය ඔපවත් කර ගැනීමට මෙලෙස ආහාර පාලනයට යොමුව සිටිති.

එනම් කේෂ, දන්ත, චවි, මාංශ හා රූප, යන සිරුරේ බාහිර කොටස් පහ රැක ගැනීමට සහ ඔපවත් කර ගැනීමට මෙලෙස ආහාර පාලනය කරති.

තරුණ වියේ ආහාර පාලනය ගැහැනු දරුවකු මෙන්ම පිරිමි දරුවකුගේ ද සිරුරේ වර්ධනය සහ ක්‍රියාකාරිත්වය උපරිම මට්ටමින් පවතින්නේ වයස අවුරුදු 18 ත් 40 ත් අතර වියේදීය. එනිසා මෙම කාලයේදී එම ක්‍රියාකාරිත්වය නිසි ලෙස පවත්වාගෙන යෑමට ආහාර පාන ද නිසි සෞඛ්‍ය උපදෙස් මත ලබාගත යුතුය. එසේ නොවුනහොත් එම ක්‍රියාකාරිත්වය අඩපණ වේ.

එනිසා ආහාර පාලනයේදී එය නිසි අවබෝධයෙන් යුතුව සිදු කළ යුතුය.

මහා සෘෂි නාඩි වෛද්‍යවරුන් පංච කල්‍යාණය ආරක්ෂා කර ගැනීම සඳහා ගත යතු ක්‍රියාමාර්ග ගැන පවසා ඇති ආකාරයට එය කළ යුත්තේ දවසේ ප්‍රධාන ආහාර වේල් තුන සැලකිල්ලට ගෙනය. කිසි විටෙකත් ප්‍රධාන ආහාර වේල් තුන මගහැරීම නොකළ යුතුය. එනම් උදෑසන ආහාර වේල පෙරවරු 7.00 ත් 8.00 ත් අතර ගත යුතුය. දිවා ආහාරය දහවල් 12.00 ත් 1.00 ත් අතර ගත යුතුය. රාත්‍රි ආහාර වේල රාත්‍රි 6.00 ත් 7.00 ත් අතර ගත යුතුය.

මෙම ආහාර වේල් තුන එක වර්ගයේ ආහාරවලින් නොගත යුතුය. එනම් තුන්වේලටම බත් ආහාරයට නොගත යුතුය. උදෑසන ආහාරය ධාන්‍ය වර්ගයක් මගින් සකස් කර ගත හැකිය. දිවා ආහාරයට බත් සමග එළවළු මාළු පිනි එක්කර ගත හැකිය. රාත්‍රී ආහාරය රොටියක්, ඉඳිආප්ප, පිට්ටු වැනි ආහාරයක් මගින් සකස් කර ගත හැකිය.

රාත්‍රී ආහාරය සැහැල්ලුවට ගත යුත්තේ අප රාත්‍රියේ නින්දට යන බැවින් සිරුරේ ක්‍රියාකාරිත්වය දිවා කාලයට වඩා අඩු වන නිසාය. එනිසා රාත්‍රියට බර ආහාරයක් ගැනීම නිසා නින්ද යෑම අඩුවේ. සිරුරට අධික ලෙස පෝෂණය උරාගනී.

මෙම ප්‍රධාන ආහාර වේල් තුන අතරට පලතුරු වර්ගයක්, පිරිසිදු ජලය වීදුරුවක්, කැඳ කෝප්පයක් වැනි ආහාරයක් හෝ පානයක් ගත හැකිය.

පංච කල්‍යාණය රැක ගැනීමට විශාල වශයෙන් දායක වන්නේ එළවළු සහ පලා වර්ගය. එනිසා දවසේ ප්‍රධාන ආහාර වේල් තුනට තණකොළ හැර වෙනත් ඕනෑම පලා වර්ගයක් සුදුසුය. තණකොළවල අධික ලෙස ප්‍රෝටීන් තිබුණත් එහි ඇති කෙඳි සහිත බව නිසා දිරවීමේ අපහසුතා මතුවේ. එනිසා එය සුදුසු වන්නේ ගවයන් වැනි විශාල සිරුරක් සහිත සතුන්ටය.

දඹල දළු, වැල්කොහිල දළු, වට්ටක්කා දළු, පුහුල් දළු, දියලබු දළු, තක්කාලි දළු, මිරිස් දළු, ඇඹරැල්ලා දළු, මැල්ලුමක් හෝ ව්‍යංජනයක් ලෙස සකසා ආහාරයට එක්කර ගැනීම වඩාත් ගුණදායකය.

කොහිල අල, කෙසෙල්බඩ, වට්ටක්කා, පතෝල, වැටකොළු, පුහුල්, නිතර ආහාරයට ගැනීම මගින් ආහාර ජීර්ණය හොඳින් සිදුවේ.

දවසට වතුර ලීටර තුනක්වත් පානය කළ යුතුය. වෙරළු, නාරං, නමිනං, ගස්ලබු, ලාවුලු, ආනෝදා, අන්නාසි වැනි පලතුරක් ආහාරයට ගැනීම සුදුසුය.

පැය 06 ක් වත් නිදාගැනීම කළ යුතුය.

මනස සැහැල්ලු කර ගැනීම සඳහා ආගම දහමට යොමුවීම, තමා ප්‍රියකරන විනෝදාංශයකට යොමුවීම කළ හැකිය.

අප කෙතරම් පෝෂ්‍යදායී ආහාර ගත්ත ද ආහාර පාලනය කළ ද මනස සන්සුන් නැතිනම් අපගේ පංච කල්‍යාණය දුර්වලවීමට හේතු වේ.

ලස්සන වෙන්න  ගන්නා ආහාර

සෘෂි නාඩි විද්‍යාව පිළිබඳ මහාචාර්ය, සෙම් රෝග සහ ආතරයිටීස්, පිළිකා රෝග පිළිබඳ විශේෂ වෛද්‍ය
ජිනසිරි ලියන්වෙල

advertistmentadvertistment
advertistmentadvertistment