ලහිරු වීරසේකර ඇතුළු තිදෙනාට ඇප

145

පසුගිය ජුනි 9 වැනිදා කොළඹ පොලිස් මූලස්ථානය ඉදිරිපිටදී පැවති විරෝධතාවයකදී පොලිස් ජල විදින යන්ත්‍රයකට අලාභහානි සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිiාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ළහිරු වීරසේකර, රතිඳු සේනාරත්න හා පූජ්‍ය රත්කැරැව්වේ ජිනරතන හිමියන් ඇප මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (01දා) නියෝග කළේය.

මින් මතු මහජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බාධාවක් වන පරිදි කටයුතු නොකරන ලෙසත් පොදු දේපළවලට හානි නොකරන ලෙසටත් අවවාද කරමින් රුපියල් ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් නියම කොට එම සැකකරුවන් මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment