ලාංකික නළු ශ්‍යාම් ප්‍රනාන්දු රඟන පොන්නියන් සෙල්වන් අද සිට ලොවපුරා තිරගත වේ

802

ඓශ්වර්යා රායි පසුගියදා චිත්‍රපට අධ්‍යක්ෂ මනි රත්නම්ගේ දෙපා ස්පර්ශ කරමින් ඔහුගේ ආශිර්වාදය ලබා ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි. පොන්නියින් සෙල්වන්: 1 චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු සඳහා ඓශ්වර්යා පසුගිය සඳුදා මෙම චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම සමඟ දිල්ලියට ගියාය. මෙම උත්සවයේදී ඓශ්වර්යා පොන්නියින් සෙල්වන් නිර්මාණකරු මනිරත්නම්ට කෘතඥතාව පළ කළේ මෙම චිත්‍රපටයේ කොටස්කරුවෙකු වීමට ලැබීම වාසනාවන්ත යැයි කියමිනි. ඇය පොන්නියින් සෙල්වන් හැඳින්වූයේ ‘සුපිරි විශේෂ’ චිත්‍රපටයක් ලෙසිනි. මනිරත්නම් 1997 දී නිර්මාණය කළ ඉරුවාර් චිත්‍රපටය සමඟින් ඓශ්වර්යා සිනමාවට පිවිසි අතර පසුව ඇය ඔහු සමඟ ගුරු (2007) සහ රාවන් (2010) චිත්‍රපටවල රංගනයේ යෙදුනාය.

ලාංකික නළු ශ්‍යාම් ප්‍රනාන්දු රඟන පොන්නියන් සෙල්වන් අද සිට ලොවපුරා තිරගත වේ
ලාංකික නළු ශ්‍යාම් ප්‍රනාන්දු රඟන පොන්නියන් සෙල්වන් අද සිට ලොවපුරා තිරගත වේ

මහා චෝල අධිරාජ්‍යයා වූ පළමුවන රාජ රාජ චෝල (ක්‍රි.ව. 947 – ක්‍රි.ව. 1014) බවට පත් වූ අරුල්මොෂිවර්මන්ගේ මුල් කාලයේ කතාව ‘පොන්නියින් සෙල්වන්’ චිත්‍රපටයෙන් කියවේ. මෙය දෙමළ වීර කාව්‍ය ක්‍රියාදාම චිත්‍රපටයකි. මෙය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ මනිරත්නම් විසින් වීම නිසා ලෝකයේම අවධානය මෙය දිනාගෙන ඇත. එය අද දින තිරගතවීමට නියමිතය. මෙම චිත්‍රපටයේ, ඓශ්වර්යා ද්විත්ව චරිත නිරූපණය කරයි. ඇය පළිගැනීමේ මෙහෙයුමක යෙදී සිටින පජුවෝර්ගේ කුමරිය වන නන්දිනී රැජින ලෙස රඟපානු අතර එසේම මන්දාකිණි දේවිගේ චරිතයද රඟපායි. ඓශ්වර්යා හැරුණු විට වික්‍රම්, ෂා ක්‍රිෂ්ණන්, කාර්තික් සිවකුමාර් සහ ජයම් රවි ද මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වේ. පොන්නියින් සෙල්වන් යනු 1950 ගණන්වල කතා මාලාවක ස්වරූපයෙන් නිකුත් වූ කල්කි ක්‍රිෂ්ණමූර්තිගේ දෙමළ නවකතාවේ අනුවර්තනයකි. මෙම චිත්‍රපටය හින්දි, දෙමළ, තෙළිඟු, මලයාලම් සහ කන්නඩ යන භාෂාවලින් අද දින සිනමාහල් වෙත පැමිණීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මෙම චිත්‍රපටයේ තිබෙන සුවිශේෂත්වය වන්නේ එවකට ලංකාවේ අනුරාධපුර යුගයේ හිටපු පස්වැනි මිහිඳු රජුගේ චරිතය නිරූපණය කරනු ලබන්නේ ලාංකික නළුවෙකු වන ශ්‍යාම් ප්‍රනාන්දු විසිනි. ඔහු මෙම සිනමා නිර්මාණයේ මහින්දන් නමැති චරිතය නිරූපණය කරනු ලබයි. අද සවස7.00 ට වැල්ලවත්ත සැවෝයි සිනමාශාලාවේ පොන්නියන් සෙල්වම් චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා මෙම චිත්‍රපටයේ රඟපෑ එකම ලාංකික නළුවා වන ශ්‍යාම් ප්‍රනාන්දු සහභාගිවීමට නියමිතය.

ලාංකික නළු ශ්‍යාම් ප්‍රනාන්දු රඟන පොන්නියන් සෙල්වන් අද සිට ලොවපුරා තිරගත වේ
ලාංකික නළු ශ්‍යාම් ප්‍රනාන්දු රඟන පොන්නියන් සෙල්වන් අද සිට ලොවපුරා තිරගත වේ

පොන්නියින් සෙල්වන්: 1 චිත්‍රපටය පිළිබඳව දිල්ලියේ පැවති උත්සවයේදී ඓශ්වර්යා කියා සිටියේ,‘මෙවැනි චිත්‍රපට කිහිපයක කොටස්කරුවෙකු වීමේ භාග්‍යය මට ලැබී තිබෙනවා. මෙය විශේෂ වන්නේ කොහොමද කියලා මගෙන් නිතර අහනවා මෙය මනිරත්නම් චිත්‍රපටයක් වන අතර එය එහි විශේෂත්වය වන්නේ එයයි. ඉතින් ආයෙමත් ස්තූතියි මනි සර් අපිව මේ චිත්‍රපටයට ගත්තට බොහොම ස්තුතියි.’ ඔහුට ප්‍රශංසා කිරීමෙන් පසු ඓශ්වර්යා මනිරත්නම්ගේ දෙපා ස්පර්ශ කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි. පොන්නියින් සෙල්වන්: 1 චිත්‍රපටය විනාඩි 167ක් පුරා විකාශය වේ.

● චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment