ලාංකික සරණාගතයින් ඉන්දියාවෙන් ගේන්න යයි

146


යුද්ධය හේතුවෙන් සරණාගතයින් ලෙස ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය පහසු කර, කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.
මෙම කමිටුව ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ මෙනවියගේ ප්‍රධානත්වයෙන් පත් කර තිබේ. එහි සෙසු සාමාජිකයන් ආගමන විගමන පාලක ජනරාල්, විදේශ කටයුතු අමාත්‍යාංශය, රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව සහ අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත වේ.
යුද්ධය හේතුවෙන් සරණාගතයින් ලෙස ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම සඳහා “ඊළාම් සරණාගතයින් පුනරුත්ථාපනය සඳහා වූ සංවිධානයේ” ඉල්ලීම පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (05) පැවැති සාකච්ඡාවේදි මෙම තීරණයට එළැඹිණි.

advertistmentadvertistment
advertistmentadvertistment