ලාදුරු සුව කරන බහු ඖෂධ ප‍්‍රතිකාර ක‍්‍රමය

1769

මෙම රෝගය බෝවීම පිළිබඳව සලකා බලන විට බැක්ටීරියාව ආසාදනය වූ පුද්ගලයකුගේ ප‍්‍රශ්වාස වාතය මගින් පිටවන බිඳිති දීර්ඝ කාලයක් තිස්සේ ආඝ‍්‍රාණය වීම මගින් තවත් අයෙකුට මෙම රෝගය බෝවීමේ හැකියාවක් ඇත. එනම් ආසාදිත රෝගියකු දීර්ඝ කාලයක් තිස්සේ ඇසුරුකරන සමීපතම ආශී‍්‍රතයන් හට මෙම රෝගය ආසාදනය වීමේ වැඩි අවදානමක් පවතී.
 
 ලාදුරු රෝගය, වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති නමුත් තවමත් ශී‍්‍ර ලාංකීය සමාජය තුළ මුලිනුපුටා දැමිය නොහැකි වූ රෝගයකි. පසුගිය වසර දහය තුළ සෑම වසරකම පාහේ අලූතින් රෝගීන් 2000 ක් පමණ ප‍්‍රතිකාර සඳහා ලියාපදිංචි වී ඇති අතර 2020 වසර අග භාගය වනවිට රෝගීන් 3000 කට ආසන්න ප‍්‍රමාණයක් රජයේ රෝහල්වල ඇති සමේ රෝග සායනවල ප‍්‍රතිකාර සඳහා ලියාපදිංචි වී ඇත. මෙම රෝගීන් ශී‍්‍ර ලංකාවේ කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ති‍්‍රක්කවලින් වැඩි වශයෙන් වාර්තා වී ඇති අතර එයිනුත් ජන ඝනත්වය අධික නාගරික ප‍්‍රදේශවලින් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇත. ශී‍්‍ර ලංකාවේ රජයේ රෝහල්වල චර්ම රෝග සායන මගින් මෙම රෝගය සඳහා නොමිලේ ප‍්‍රතිකාර ලබාගත හැක. එමෙන්ම කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයෙහි 12 කාමරයෙහි ස්ථාපනය කර ඇති මධ්‍යම ලාදුරු සායනය මගින්ද ලාදුරු රෝගය සඳහා නොමිලේ ප‍්‍රතිකාර ලබාගත හැක.
 
 රෝග කාරක Mycobacterද්‍යum Leprae නමැති බැක්ටීරියාව ශරීර ගතවීම නිසා මෙම රෝගය ආසදනය වේ. එලෙසම මෙම බැක්ටීරියාව ශරීරිගත වී වසර 5 ක් 10 ක් හෝ ඇතැම් විට වසර 20 ක කාලයක් වුවත් කිසිදු රෝග ලක්‍ෂණයක් නොපෙන්වා ශරීර ගතවී තිබිය හැක. නමුත්, බරපතළ තත්ත්වය නම් මෙම කාලය තුළ වුවද අන් අයට රෝග බෝවීමේ හැකියාවක් පැවතීමය. ශී‍්‍ර ලංකාවේ සිදුකරන BCG එන්නත් කරන වැඩපිළිවෙළ මගින් ක්‍ෂය රෝග කාරක බැක්ටීරියාවට (M. Tuberculosද්‍යs) ප‍්‍රතිශක්තිකරණය ලැබෙනවාට අමතරව මෙම බැක්ටීරියාවට එරෙහිවද යම්තාක්දුරට ශී‍්‍ර ලංකාවේ බහුතරයක් ජනගහනයට ප‍්‍රතිශක්තිිකරණය ලැබී ඇති නමුත් එක් එක් පුද්ගලයන්ගේ ප‍්‍රතිශක්තිකරණ මට්ටම අනුව මෙම බැක්ටීරියාව ආසාදනය වීම හෝ ආසාදනය නොවීම රඳා පවතී.
 
 මෙම රෝගය බෝවීම පිළිබඳව සලකා බලන විට බැක්ටීරියාව ආසාදනය වූ පුද්ගලයකුගේ ප‍්‍රශ්වාස වාතය මගින් පිටවන බිඳිති දීර්ඝ කාලයක් තිස්සේ ආඝ‍්‍රාණය වීම මගින් තවත් අයෙකුට මෙම රෝගය බෝවීමේ හැකියාවක් ඇත. එනම් ආසාදිත රෝගියකු දීර්ඝ කාලයක් තිස්සේ ඇසුරුකරන සමීපතම ආශී‍්‍රතයන් හට මෙම රෝගය ආසාදනය වීමේ වැඩි අවදානමක් පවතී. තවද මෙම රෝගය ස්පර්ශයෙන් හෝ ලිංගික සබඳතා මගින්, හෝ රෝගියකු භාවිත කළ පිඟන්, කෝප්ප, වැසිකිළි වැනි දෑ භාවිත කිරීම මගින් බෝ නොවේ. එබැවින් ලාදුරු ආසාදිත රෝගියකු හමුවී කතාකළ පමණින්, ස්පර්ෂ වූ පමණින්, තවත් අයෙකු ආසාදිතයෙකු බවට පත්වීමේ කිසිදු හැකියාවක් නොමැත. ලාදුරු රෝගීන්
 
 සමාජයෙන් වෙන්කර තැබීම හෝ කොන් කිරීම කිසිවිටකත් නොකළ යුතුය. ලාදුරු රෝගය සඳහා ද අනෙකුත් රෝගවලට මෙන් සාමාන්‍ය පරිදි නිවසේ සිට ලබාගත හැකි ප‍්‍රතිකාර ක‍්‍රමයක් හඳුන්වාදී ඇත. දිනපතා මාස 6 ක හෝ මාස 12 ක් නොකඩවා නිර්දේශ කරන ඖෂධ ලබාගැනීම තුළින් මෙම රෝගය සම්පූර්ණයෙන්ම සුවකර ගත හැකිය.
 
 රෝග ලක්‍ෂණ
 
 දිගු කාලයක් තිස්සේ සමේ පවතින, සමේ පැහැයට අඩු පැහැයක් ඇති, හැඟීම් දැනීම් නොදැනෙන ලපයක් හෝ කැලැලක් හෝ කිහිපයක් ඇතිවීම මෙම ලාදුරු රෝගයේ මූලික රෝග ලක්‍ෂණයන් වේ. මෙසේ ඇතිවන ලප කැලැල්වල වේදනාවක්, කැසීමක් හෝ වෙනයම් දැනීමක් නොමැති නිසා රෝගීන් ප‍්‍රතිකාර සඳහා යොමු නොවේ. මෙය රෝග විනිශ්චය ප‍්‍රමාදවීමට ප‍්‍රධාන හේතුවක් වේ.
 
 එසේ ප‍්‍රමාදවී රෝගීන් හඳුනාගැනීම නිසා මෙම බැක්ටීරියාවේ බලපෑම සිරුරෙහි පර්යන්ත ස්නායු පද්ධතිය වෙත පවා බලපෑම් එල්ල කරන තත්ත්වයකට පත්විය හැක. එසේ වූ විට අත්, පාද, වල හිරිවැටීම, ඇඟිලි ඇදවීම වැනි විකෘති තත්ත්වයන් සුව නොවන තුවාල වැනි තත්ත්වයන් ඇතිවිය හැක. මෙම විකෘතිතාවයන් ඇතිවූ පසුව නැවත යථා තත්ත්වයට පත්කිරීම ඉතා අපහසුය.
 
 ස්නායු ඝන වීම ලාදුරු රෝගයේ තවත් රෝග ලක්‍ෂණයක් වේ. අත්වල පාදවල මෙන්ම බෙල්ලේ ඇති ස්නායු පවා මෙම රෝගය ආසාදනයවීමෙන් ඝණ විය හැක. මේ හේතුවෙන් එම අවයවවල යම් යම් විකෘතිතා ඇති වේ. එබැවින් මෙම රෝගය කල්තියා හඳුනාගෙන නිසි ප‍්‍රතිකාර සඳහා යොමුවීම ඉතා වැදගත් වේ.
 
 ප‍්‍රතිකාර ක‍්‍රම
 
 මෙම ඖෂධ දිනපතා ලබා ගැනීමට පහසු වන පරිදි, ඖෂධ 03 ම අන්තර්ගත කර කාඞ්පත් නිර්මාණය කර ඇත. ප‍්‍රධාන වශයෙන් එය  Multද්‍ය Bacද්‍යllary සහ Paucද්‍ය Bacද්‍යllary ලෙස වර්ග දෙකකට වෙන්කර ඇති අතර එක් එක් කාණ්ඩය වැඩිහිටි අයට සහ ළමා කාණ්ඩවලට වෙන වෙනම කාඞ්පත් නිර්මාණය කර ඇත.
 
 දින 28 ක් සඳහා අවශ්‍ය ඖෂධ මෙම කාඞ්පත්වල අන්තර්ගත කර ඇති අතර එක් එක් දිනයට අදාළ ඖෂධ රෝගීන්ට පහසුවෙන් වෙන්කර ගත හැකි අයුරින් සකසා ඇත.
 
 අතුරු ආබාධ
 
 ඕනෑම ඖෂධයක අතුරු ආබාධ ඇතිවන්නා සේම මෙම ප‍්‍රතිකාර ක‍්‍රමයේද ප‍්‍රධාන වශයෙන් අතුරු ආබාධ කිහිපයක් අතිවිය හැක. නමුත් ඒ පිළිබඳව කිසිවිටකත් බිය විය යුතු නැති අතර නිවැරදිව වෛද්‍ය උපදෙස් පිළිපැදීම මගින් එම තත්ත්වයන් අවම කරගත හැක.
 
 * උදරයේ අපහසුතාවයක් ඇතිවීම
 
 ඖෂධ ලබා ගැනීමේදී උදරයේ යම් අපහසුතාවයන් ඇතැම් විට ඇතිවිය හැකි අතර මෙම තත්ත්වය රාති‍්‍ර ආහාරවෙල ගැනීමෙන් පසුව හෝ ආහාරය සමග ඖෂධ ගැනීම මගින් තත්ත්වය අවම කරගත හැක.
 
 * රුධිරයේ හිමොග්ලොබින් සාන්ද්‍රණය අඩුවීම
 
 මෙම ඖෂධ ලබාගන්නා විට සිරුරේ හිමොග්ලොබින් මට්ටම අඩුවිය හැකි අතර එම නිසා ඇතැම් විට ක්ලාන්තය, කැරකිල්ල, ආහාර අරුචිය, ඇඟට පණ නැති වීම, තෙහෙට්ටුව වැනි තත්ත්වයන් ඇතිවිය හැක. මෙවැනි තත්ත්වයකදී හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සිදුකළ යුතුය. මෙම තත්ත්වය දිනපතා සමබර ආහාර වේලක් සමග ෆෝලික් අම්ලය බහුල එළවළු පලතුරු ධාන්‍ය වර්ග ආහාරයට ගැනීම මගින් මෙම තත්ත්වය වළක්වා ගත හැක. එමෙන්ම වෛද්‍ය නිර්දේශය මත ෆොලික් අම්ල (Folද්‍යc Acද්‍යd) පෙති ගැනීම මගින්ද මෙම තත්ත්වය අවම කරගත හැක. එමෙන්ම මෙම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන වෙනත් ඖෂධ වෙතොත් ඒවාද නිවැරදිව ලබා ගැනීම මගින් මෙම තත්ත්වය මඟහරවා ගත හැකිය.
 
 * සමෙහි ඇතිවන වියළි ස්වභාවය
 
 සමෙහි ඇතිවන වියළි ස්වභාවය නිසා සම දුර්වර්ණ වීමක් සිදුවිය හැකි අතර මෙම ස්වභාවය තාවකාලිකව ඇති වේ. ප‍්‍රතිකාර අවසන්වීමත් සමග ක‍්‍රමක‍්‍රමයෙන් නැවත පෙර පැවති තත්ත්වයටම පත්වේ. සමෙහි තෙතමනය ආරක්‍ෂා වන :ඵදසිඑමරස‘සබට ක්‍රු්ප* ආලේපනයක් භාවිත කිරීම මගින් එම තතත්වය අවම කරගත හැකි වේ.
 
 * පළමු දින කිහිපයේදී පමණක් මුත‍්‍රා, දහදිය, කඳුළු වැනි තරල රතුපැහැ, ගැන්වීම.
 
 ඖෂධ කාඞ්පතක ආරම්භක මාත‍්‍රාව ලබාගත් දිනයේ සහ දින කිහිපයක් ගතවන තේක් මුත‍්‍රා, දහදිය, කඳුළු වැනි තරල රතුපැහැ ගැන්විය හැක.

R M S L Rathnayake
advertistmentadvertistment
advertistmentadvertistment