ලාබ පාඩු නොබලා ගිනිමල් පොකුරු පෙන්වනවා – උදයකාන්ත වර්ණසූරිය

390

රට පුරා සිනමා ශාලා යළිත් විවෘත කිරීමට ගත් තීරණයත් සමඟ උදයකාන්ත වර්ණසූරියගේ 25 වැනි සිනමා නිර්මාණය වන ‘ගිනිමල් පොකුරු. නොවැම්බර් මස 26 දා ප‍්‍රදර්ශනය කිරීමට තීරණය කර ඇත.

 උදයකාන්ත වර්ණසූරිය විසින් උදයකාන්ත වර්ණසූරිය ප‍්‍රඩක්ෂන් වෙනුවෙන් මෙහි කතාව” තිර රචනය” අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය සිදු කර තිබේ. සුරංග ද අල්විස්” ප‍්‍රසාද් රොද්‍රිගු” ක‍්‍රිෂාන්ත හෙට්ටිආරච්චි”රාජිකා ජීවන්තිරානි” නිශාන්ත ජයවර්ධන” නිව්ටන් විදානපතිරණ” බන්දුල පරාක‍්‍රම ගුණවර්ධන මේ සඳහා සම නිෂ්පාදනයෙන් දායකත්වය සපයති.

ලාබ පාඩු නොබලා ගිනිමල් පොකුරු පෙන්වනවා - උදයකාන්ත වර්ණසූරිය

කොවිඞ් අවදානම සම්පූර්ණයෙන්ම පහව නොගිය අවස්ථාවක සිනමා නිර්මාණයක් ප‍්‍රදර්ශනය කිරීමට තීරණය කිරීම නිර්මාණකරුවකුට අභියෝගයක් බව අමුතුවෙන් කිව යුතු නැත. නමුත් ආදායම පිළිබඳව ද නොතකා නවතම සිනමා නිර්මාණය ප‍්‍රදර්ශනයට එක් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් අධ්‍යක්ෂකවරයා මෙලෙසින් අදහස් දැක්වීය.

 ‘කොවිඞ් නිසා රටේ හැම ක්ෂේත‍්‍රයක් වගේම සිනමාවත් අඩාල වෙලා ගියා. නමුත් සිනමා කර්මාන්තය කඩා වැටෙන්න දෙන්න බැහැ. ඒ හේතුව නිසා තමයි නැවතත් සිනමා ශාලා විවෘත කිරීමට තීරණය කළේ. කොවිඞ් වසංගතය ව්‍යාප්තිය තරමක් දුරට පාලනය වෙලා තියෙන අවස්ථාවක වුණත් අවදානමක් අරගෙන චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කිරීමට අපි තීරණය කළා. අපේ නිර්මාණය මේ වෙලාවේ ලාබ ලබනවා ද පාඩු ලබනවා ද කියන කාරණයටත් වඩා සිනමා කර්මාන්තය යළිත් නඟා සිටවිය යුතුයි කියන අරමුණට තමයි අපි මූලිකත්වය දුන්නේ..

 ගින්දරී 3 සහ තවත් නිර්මාණ කිහිපයක්ම අවසන් කර තිබියදීත් ‘ගිනිමල් පොකුරු. චිත‍්‍රපටයම ප‍්‍රදර්ශනයට එක් කරන්නට අධ්‍යක්ෂකවරයා තීරණය කර තිබුණේ බොහෝ කලකට පසුව ප‍්‍රදර්ශනය කරන සිනමා නිර්මාණය නව තේමාවකින් පේ‍්‍රක්ෂකයන්ට තිළිණ කිරීමට ඇති වුවමනාව නිසාය. එලෙසම කොවිඞ් නිසා ඇතිවුණු දැඩි මානසික පීඩනයෙන් මිදී යළිත් වතාවක් සිනමා කෘතියක රසවිඳීමට බලා සිටි පේ‍්‍රක්ෂකයන්ට ගිනි මල්පොකුරු නවතම අත්දැකීමක් වනු ඇත.

 අත්වැරැුද්දකින් සිදු වූ අපරාධයකින් තම ආදරවන්තයා ගලවා ගැනීමට උසස් රාජ්‍ය නිලධාරියකුගේ ග‍්‍රහණයට හසුවන කාන්තාවක් පිළිබඳව වූ සත්‍ය කතාවක් පාදක කර ගනිමින් මේ කතාව නිර්මාණය කර ඇත. ත‍්‍රාසය කුතුහලය” අනුවේදනය මුසු වූ නිර්මාණයකි.

 ඉසුරු ලොකුහෙට්ටිආරච්චි” චුලක්ෂි රණතුංග” චරිත් අබේසිංහ” ආනන්ද කුමාරඋන්නැහේ” දිල්රුෆා ෂනාස්” කුමාර දදුරැුස්ස ඇතුළු දක්ෂ රංගන ශිල්පීන් ශිල්පිනියන්ගේ එකතුවකින් ගිනිමල් පොකුරු හැඩ වේ. මේ සඳහා සංගීත සැපයුම සරත් ද අල්විස්ගෙනි.

 ඇහැලියගොඩ සෝමතිලකයන් කලා අධ්‍යක්ෂණය සිදු කර ඇත.

  නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment