ලාභ ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම අපරාධයක් – මෛත්‍රිපාල සිරිසේන

113

ටෙලිකොම් වැනි අධික ලාභ ලබන මෙරට ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම මහ අපරාධයක් බව හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායක මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේදී පාඩු ලබන ආයතන සම්බන්ධයෙන් රජය ගන්නා තීරණයන්ට තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බව ද ඊයේ (23 දා) පැවති මාධ්‍ය හමුවකදී හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

විවෘත ආර්ථිකයට දෙයියන්ගේ පිහිටයි කියමින් දේශීය ආයතන වසා දැමීම හේතුවෙන් මෙරට ආර්ථිකය, විශාල අර්බුදයකට ලක්ව ඇතැයි ද කී හිටපු ජනාධිපතිවරයා මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා සහ මහවැලි අධිකාරිය සතු ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරයාගේ පාලනයට පැවරීම ජාත්‍යන්තර සංවිධානයකින් පැමිණි යෝජනාවක් බවත් එය 2002 දීත් පැවිති යෝජනාවක් වුවත් තමන්ට එයට එකඟවිය නොහැකි බවත් පැවසීය.

රජයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඉදිරියේදී රට කුමන ආර්ථික තත්ත්වයකට පැමිණියත් එය රටේ ප්‍රශ්න විසඳීමක් නොවන බැවින් තමන් පාර්ලිමේන්තුවේ කණ්ඩායම් කීපයක් සමග සන්ධානගතවීමට මේ වනවිටත් සාකච්ඡා කර ඇති බවත් ඔහු කීය.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment