ලාභ ලබන රාජ්‍ය ආයතන විකිණීමට පෙර ජනමත විමසුමක් ඕනෑ – ජී. එල්. පීරිස්

66

ලාභ ලබන රාජ්‍ය ආයතන විකුණා දැමීමට පෙර නව ජනමතයක් ලබාගත යුතු බව නිදහස් ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (27 දා) පැවසීය.

ලාභ ලබන ආයතන විකුණා දැමීමට දැඩිව විරෝධය දක්වන බවත්, එම ආයතන අප රටේ ආර්ථිකයේ ජීවනාලිය බවත් එම පක්‍ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ජී. එල්. පීරිස් මහතා කීවේය.

ෂඵත්‍ ගිවිසුම සඳහා විපක්‍ෂයේ සහයෝගය අවශ්‍ය නම් ඒ පිළිබඳව කලින් විපක්‍ෂය දැනුවත් කර පසුව විපක්‍ෂයේ සහය ලබාගත යුතු බවත් සියල්ල අවසන් වූ පසු විපක්‍ෂයේ සහාය ඉල්ලීම අසාධාරණ බවත් හෙතෙම පැවසීය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම කිසිසේත් අනුමත නොකරන බවත්, එසේ සිදුවුවහොත් වැඩ කරන ජනතාවගේ විශ්‍රාම වැටුප අවප්‍රමාණය වන බවත්, බැංකු පද්ධතිය කඩාවැටෙන බවත් පැවසූ ජී. එල්. පීරිස් මහතා ප්‍රජාතන්ත්‍රවාදී රටක මූලිකාංගය වන්නේ නියමිත කාලයට මැතිවරණ පැවැත්වීම බවත්, මහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ ක්‍රියාකලාපය ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩකිරීමක් බවත් වැඩිදුරටත් කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment