ලාල් කාන්ත කියන්නේ රටේ ජනතාව ගැන හිතන පුද්ගලයෙක්

117
  • එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම්

ජාතික ජන බලවේගයේ ඉන්න ලාල්කාන්ත කියන්නේ රටේ ජනතාව පිළිබඳ හිතන පුද්ගලයෙක් යැයි ද එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා පෙරේදා (16දා) පැවසීය.

බොහෝ අය වෘත්තියක් විදිහට වෘත්තිය සමිති කරගෙන යන බවද අකිල විරාජ් කාරියවසම් මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ(16දා) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

වෘත්තීය සමිති කිහිපයක් සහ දේශපාලන පක්ෂ විසින් වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන්නට යෙදුණත් එය සාර්ථක වුණේ නැහැ. බලාපොරොත්තු වුණා තත්ත්වයට එය සිදු කරගන්නට හැකියාව ලැබුණේ නැහැ. දුම්රිය වෘත්තීය සමිතිය සහ වරාය හැරුණු කොට අනෙකුත් කටයුතු හොඳින් සිදුවන බව තමයි පෙනී ගොස් තිබෙන්නේ. මේ වැඩ වර්ජනය පසුපස ඇති බලවේග මොනවාද? කියන එක අපි තේරුම් ගත යුතුයි. මේ කාලය වැඩවර්ජනයක් කළ යුතු යුගයක් නෙමෙයි. අපේ රටේ බොහෝ දේවල් පසුගිය කාලයේ අකර්මණ්‍ය වුණා. පසුගිය කාලයේ ගෙවපු ජීවිතය අමතක වුණා සේ කටයුතු කරන බවක් අපට පෙනෙනවා. 2015 -2019 ආණ්ඩුව තුළ රාජ්‍ය සේවකයන්ට රුපියල් දහ දහසකින් අවම වැටුප් ඒ සිට විශාල ප්‍රමාණයන් වලින් වැටුප් වැඩි කිරීමක් සිදු කළා. විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ට, ආචාර්යවරුන්ට ලක්ෂ තුන හතර, පහ දක්වා වැටුප් වැඩි කළා. ඒ වගේම 2020 මුල වෙනකම්ම එවකට ක්‍රියාත්මක වන බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළා. එනිසා බදු ආදායමක් ආණ්ඩුවට ආවා. ඒ බදු ලබා ගැනීම නවත්වපු නිසා සහ කොවිඩ් වැනි අනෙකුත් හේතු නිසාවෙන්, ලංකාව බරපතළ අර්බුදකාරී තත්ත්වයන්ට පත් වුණා. ඒකෙ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මෙවැනි බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ද වුනේ. අපේ විදේශ වත්කම් ප්‍රමාණය අවම වෙලා ගියා. අපේ රට බංකොලොත් භාවයට පත් වෙන්න සිද්ධ වුණා. අවසානයේ ජනතාවට තමන්ගේ පීඩනය දරා ගන්නට බැරි වුන නිසා, පාරට බැහැලා අරගල කරන්න පටන් ගත්තා. සමහරු මේක වැරදියට තේරුම් ගත්ත, තමන්ට සහ වෙනත් කණ්ඩායම්වලට ජනතාව දක්වන සහයෝගයක් විදිහට වැරදි අර්ථකථනයක් ලබා ගෙන තිබෙනවා.

දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම වළක්වන්න අවශ්‍ය වී තිබෙන්නේ කාටද? බංකොලොත් දේශපාලන ව්‍යාපාර මේ ක්‍රියාදාමය වළක්වන්න නිරන්තර උත්සාහයක යෙදෙනවා. ඒකට ජනතාව ඉඩ දිය යුතු නැහැ. ඊයෙ ගුරුවරුන් පාරට බස්සවන්න උත්සාහ කළා. ඒක සාර්ථක වුණේ නැහැ. ඊයෙ වාර අවසාන විභාග තිබුණා, ඒවා අවලංගු කරපු එකත් වැරැද්දක්. මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ ප්‍රකාශ කළා, රජයට බිලියන 50 කට අධික ප්‍රමාණයක් පාඩුයි, එක දවසක මේ වැඩ වර්ජන නිසා කියලා. සෘජු බදු වලින් මේ දේ කරන්න බැරි නම්, ඊළඟට සිද්ධ කරන්න තිබෙන්නේ, වක්‍ර බදු වලින් මේ දේ අයකර ගැනීමයි. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාව කන බොන හැම දේකින්ම බදු අය කරගන්න සිද්ධ වෙනවා. ඒ නිසා බදු ගෙවන්න ඇති සියලු දෙනාට ඒ දේවල් ගෙවන්න වෙනවා. මේ කාරණය නොදැක තමයි, මේ බොහෝ දෙනා මේ දේවල් වලට උදව් කරන්නට පෙළඹිලා තියෙන්නේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment