ලාහෝර් නගරය ගිනිගනිද්දී ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවෝ පොලිසියට පහර දෙති

151

හිටපු පාකිස්තාන් අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම ව්‍යාර්ථ කිරීම සඳහා ඔහුගේ ආධාරකරුවන් විශාල සංඛ්‍යාවක් ලාහෝර් නගරයට ඒකරාශී වී දැඩි කලබලකාරී තත්ත්වයක් ඇතිකර තිබේ.

ලාහෝර් පොලිසියට පැය 16ක් ගතවනතුරුත් ඉම්රාන්ව අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත. විනිසුරුවරියකට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසකට තර්ජන එල්ල කිරීම ගැන ද ඉම්රාන්ට චෝදනා එල්ල වී තිබේ.

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට සන්නද්ධ රථවලින් පොලිස් භටයන් විශාල පිරිසක් ලාහෝර්හි පිහිටි ඔහුගේ නිවස වෙත පැමිණීමට පෙර ආධාරකරුවන් එම ස්ථානයට පැමිණ තිබේ.

වරෙන්තු දෙකක් භාරදීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඉම්රාන්ගේ නිවසට පැමිණ ඇතත් ඊට ඇතුළුවීමට ආධාරකරුවෝ ඉඩ දී නැත.

advertistmentadvertistment
advertistmentadvertistment