ලාහෝර් ලාහෝර් ඒ චිත්‍රපටයේ රූ ගතකිරීම් වලට විරෝධය

382


පකිස්ථානයේ අට්ටාත් දිස්ත්‍රික්කයේ හසන් අබ්දාල් ප්‍රදේශයේ පිහිටි ගුරුද්වාර ශ්‍රී පන්ජා සාහිබ් පූජා භූමියේ රූ ගතකරමින් තිබූ ලාහෝර් ලාහෝර් ඒ චිත්‍රපටය සඳහා පැමිණි නළු නිළියන් පිරිසක් පූජා භූමියට අගෞරව වන ලෙස ඇඳුම් පැළඳුම් ඇද පැමිණි බව පළ කරමින් සික්වරුන් වෙඩි තබමින් විරෝධය පළ කර ඇත.මෙම චිත්‍රපටයේ රූ ගතකිරීම සඳහා පැමිණි මුස්ලිම් නළු නිළියන් 10 දෙනකුට වැඩි පිරිසක් හිස් වැසුම් පැළඳ රැවුල කපා පැමිණ ඇති බවත් ඔවුන් සපත්තු පැළද පූජා භූමියට ඇතුළු වූ බවටත් සික්වරු චෝදනා කරති.ඒ අනුව ඔවුන්ගේ විරෝධය මත රූ ගතකිරීම් අතරමග නතර කර ඇත.පන්ජා සාහිබ්ගේ ගරුත්වයට හානි සිදු කිරීම සහ මෙහි ප්‍රතිපත්ති නොදැන කලාකරුවන් පැමිණ ඇතැයිද එනිසා වහාම මින් ඉවත්ව නොගිය හොත් අනතුරු සිදුවිය හැකි බවද සික්වරුන් අනතුරු අගවා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment