ලාෆ් ගෑස්වල ආයෝජනයෙන් ඊපීඑෆ් සහ ඊටීඑෆ් එකට කෝටි ගාණක පාඩුවක් – කොටස් අගය සියයට පනහකින් පහළට

436

දැනට පාඩු පිට පවත්වාගෙන යන ලාෆ්ස් ගෑස් සමාගමේ මුදල් ආයෝජනය කිරීමෙන් සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන රාජ්‍ය ආයතන දෙකට රුපියල් මිලියන සිය ගණනක් පාඩුවීමේ තත්ත්වයක් උදාවී ඇත.

 ලාෆ්ස් ගෑස් සමාගම මගින් නිකුත්කර ඇති 2020 – 2021 අවුරුදු දෙක සඳහා වූ වාර්ෂික වාර්තාවේ එන පරිදි සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල, ලංකා බැංකුව සහ පෞද්ගලික ආයෝජකයන් රැසක් එම සමාගමේ මුදල් ආයෝජනය කර ඇත. එම සමාගම ලබන පාඩු නිසා ආයෝජකයන්ගේ ආයෝජන මුදල්වල අගය හෙවත් ඔවුන් සතු ලාෆ්ස් ගෑස් කොටස්වල අගය ඉතා වේගයෙන් පහත බසිමින් පවතී. ලාෆ්ස් ගෑස් සමාගම මේ වනවිට රුපියල් බිලියන ගණනාවක බැංකු ණය ලබාගෙන ඇත. එම සමාගමේ ආරංචි මාර්ගවලට අනුව එම ප‍්‍රමාණය රුපියල් බිලියන හත ඉක්මවා තිබේ.

 සේවක අර්ථ සාධක අරමුදලට ලාෆ්ස් ගෑස් සමාගමේ 17.28 % ක ඡුන්ද හිමි කොටස් අයිතියක් තිබේ. එසේම සේවක භාරකාර අරමුදලට කොටස් 0.06 % තිබේ. ලංකා බැංකුව සතුව ලාෆ්ස් ගෑස් සමාගමේ කොටස් 6.8 % ක් ඇති අතර එම කොටස් ඡුන්ද හිමි කොටස් නොවේ. සේවක අර්ථ සාධක අරමුදලේ ප‍්‍රකාශන මගින් පෙන්වා දෙන පරිදි ඔවුන් විසින් රුපියල් බිලියන 1.89 % කට මිලට ගත් ලාෆ්ස් ගෑස් කොටස්වල මේ වසරේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් බිලියන 1.29 දක්වා අඩුවී තිබිණ. සේවක අර්ථසාධක අරමුදල කියන පරිදි ඔවුන් විසින් මිලට ගන්නා ලද ඡුන්ද බලය අහිමි කොටස්වල අගය රුපියල් මිලියන 459.43 ක් වන නමුදු ඉකුත් ජුනි මාසය වනවිට එම කොටස් අගය රුපියල් මිලියන 254.38 දක්වා පහත බැස තිබිණ. මෙය 50%ක පමණ මිල අඩුවීමකි.

 ලාෆ්ස් ගෑස් සමාගම 2001 දී පිහිටුවන ලද ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ සාමාජිකයෙකි. ලාෆ්ස් ගෑස් සමාගම වසර 2010 දී පිහිටුවන ලදී. ලාෆ්ස් සමූහ ව්‍යාපාරයට සුපිරි වෙළෙඳසල් සමූහයක් සහ චීන අවන්හල් කිහිපයක් අයත්ය. පාසිකුඩා සහ වාද්දුවේ පිහිටි අනන්තය හෝටල් ද මෙම ව්‍යාපාරයට අයත්ය.

advertistmentadvertistment
advertistmentadvertistment