ලාෆ් ගෑස් තවත් පරක්කුයි

230

ප‍්‍රමිතියෙන් යුත් ගෑස් මෙරටට ගෙනැවිත් තිබුණත් ඒවා පරීක්ෂා කිරීමේ කටයුතු නිසා වෙළෙඳපොළට මුදාහැරීම  දිගින්දිගටම පමා වී ඇතැයි ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එම්. වෑගපිටිය මහතා ‘දිවයින’ට පැවසීය.

තම සමාගම මෙරටට ගෙනැවිත් තිබෙන ගෑස්වල සාම්පල් පාරිභෝගික අධිකාරිය, ප‍්‍රමිති කාර්යාංශය, සපුගස්කන්ද තෙල් පිරිපහදු රසායනාගාරය යන ආයතන වෙත යවා පරීක්ෂා කළ බවත් එම අවසන් වාර්තාව මේ වනවිට තාක්ෂණික අමාත්‍යාංශයට යවා ඇති බවත් වෑගපිටිය මහතා කීය.

අද (23 දා) දහවල් 12.00 වනවිට එම අවසන් වාර්තාවට අනුමැතිය ලැබුණොත් එසැණින් ගෑස් සිලින්ඩර් බෙදාහැරීම ආරම්භ කරන බව ද ඒ මහතා කීය.

මේ වනවිට වෙළෙඳපොළේ ලාෆ් ගෑස්වල බරපතළ හිඟයක් මතුව ඇත.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment