ලාෆ් ගෑසුත් රු. 200කින් නගී

49

ලාෆ් ගෑස් සමාගම ද සිය ගෘහස්ථ ගෑස් මිල ඊයේ (06දා) සිට ඉහළ දමා ඇත.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 කින් ඉහළ දමා තිබේ. එහි නව මිල රුපියල් 5,280 කි.

කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 2112 කි.

කිලෝග්‍රෑම් 02 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 32 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 845 කි.

advertistmentadvertistment
advertistmentadvertistment