ලාෆ් – මිල උස්සයි – 12.5 රු.6850 යි – කිලෝ 5 – රු. 2740 යි

190

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 6850 ක් දක්වා සහ කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2740 දක්වා ඉහළ දැමීමට ලාෆ් සමාගම කටයුතු කර තිබේ. මේ මොහොතේ ගෑස් මිල ඒ තරමට ඉහළ දැමිය යුතු නැති බවත් කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක උපරිම මිල 5000 මට්ටමට තිබූ බවත් පාරිභෝගික අධිකාරියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ලාෆ් සමාගම ගෑස් මිල ඉහළ දැමීමත් සමඟ ලිට්‍රෝ මිල ගණන් ඉහළ දමන්නේ දැයි ලිට්‍රෝ සමාගමේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතාගෙන් ‘දිවයින’ කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ ලිට්‍රෝ මිල ඉහළ දැමීමට දැනට කිසිදු තීරණයක් ගෙන නැති බවයි.

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරය වර්තමාන මිල රුපියල් 4860 ක් පමණි.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment