ලැබෙන පඬුරු හරියට කළමනාකරණය කළා නම් රාජ්‍ය පොසොන් උළෙලට ආණ්ඩුවේ සල්ලි ඕනෑ නෑ – ඇමැති කංචන කියයි

948

මිහින්තලා පුදබිමේ කිසිම බල්බයක් ගලවා නෑ
ඇස්තමේන්තු මුදල දෙනවා නම් පොසොන් පෝයට ලයිට් දෙනවා

පොසොන් පෝය නිමිත්තෙන් කිසිදු විහාරස්ථානයකට විදුලිය ලබා නොදෙන ලෙස විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබාදී නැතැයි විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පැවසීය.

අදාළ ඇස්තමේන්තු මුදල ලබා දෙනවා නම් විදුලිය සපයන බව පැවසූ ඒ මහතා මිහින්තලය පූජා භූමියේ කිසිදු විදුලි බල්බයක් ගලවා නැතැයි ද කීවේය.

මේ දිනවල පිටපතකට අනුව නාට්‍යයක් රඟදක්වන බවත් ගෝල්ෆේස් අරගලය භූමියේදී ඇතැම් නායක හාමුදුරුවරුන් පැවසුවේ ශ්‍රී ලංකාවේ දැන් සිංහල බෞද්ධ රාජ්‍යයක් නැතැයි කියන බවත් එසේ පැවසූ අය රාජ්‍ය පොසොන් උත්සවයට ආණ්ඩුව උදව් නොකරන බවට චෝදනා කරන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

සිවුරු පොරවාගත් ජෙරම්ලා වැනි භික්ෂූන් සිටින බව ඕමල්පේ සෝභිත හිමියන් මෑතකදී පවසා ඇති බවත් එය සත්‍ය බව දැන් වැටහෙන බවත් ඇමැතිවරයා කීවේය.

මිහින්තලය නාහිමියන් පසුගියදා කළ ප්‍රකාශයක් අනුව ගිය වසරේ පොසොන් පෝයට අනුරාධපුරයට ලක්ෂ 20 ක් ජනතාව පැමිණ ඇති බවත් එසේ පැමිණි ජනතාව රුපියල් 10 ක් හෝ ආධාර ලෙස ලබා දෙන්නට ඇතැයි තමා විශ්වාස කරන බවත් පැවසූ විදුලි බල හා බලශක්ති ඇමැතිවරයා එම මුදල කළමනාකරණය කර ගත්තා නම් මෙවර පොසොන් උත්සවය පැවැත්වීමට හැකියාව තිබූ බවත් කීවේය.

එසේම මෙවරද ලක්ෂ 20 ක් 30 ක් මිහින්තලයට පැමිණෙනු ඇතැයි උන්වහන්සේ විශ්වාස කරන බව ද මෙවර හෝ එම මුදල කළමනාකරණය කරගත හොත් උන්වහන්සේට අව්‍යශ්‍ය පරිදි මීළඟ පොසොන් උත්සවය පැවැත්විය හැකි බව ද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment