ලැබෙන වැටුපෙන් ජීවත් වෙන්න බෑ… අද මට හෙට ඔබට…! ඒකයි පාරට බැස සිංදු කියන්නේ…!

485

රැකියාවෙන් ලැබෙන සුළු වැටුපෙන් ජීවත් වීමට නොහැකි ලෙස බඩු මිල මේ වනවිට ඉහළ ගොස් ඇති බව පවසමින් පුද්ගලයකු නිට්ටඹුව නගරයේ පොදු වෙළඳ සංකීර්ණය අසල ඇති ත‍්‍රිරෝද රථගාල ඉදිරිපිටට පැමිණ ගීත ගායනා කරමින් මුදල් සොයා ගැනීමේ නිරතව සිටින අයුරු ‘දිවයින’ කැමරාවේ මෙලෙස සටහන් විය.

ලැබෙන වැටුපෙන් ජීවත් වෙන්න බෑ... අද මට හෙට ඔබට...! ඒකයි පාරට බැස සිංදු කියන්නේ...!

‘‘මාසික වැටුප ජීවත් වෙන්න මදි, කැමැත්තෙන් ආශාවෙන් පාරට ආවා නොවෙයි, නිවාඩුවක් දාලා එන්නෙ ජීවත් වෙන්න අමාරු නිසයි” යනුවෙන් සඳහන් ප‍්‍රදර්ශන පුවරු දෙකක්ද ඉදිරිපිට තබාගෙන ඔහු මෙලෙස ගීත ගායනා කිරීමෙහි නිරත වේ. නිට්ටඹුව, දංගොල්ල වත්ත ප‍්‍රදේශයේ පදිංචි තිදරු පියකු වන මොහු විදුලි උපකරණ ප‍්‍රදර්ශනාගාරයක සේවය කරනු ලබයි. රැකියාවෙන් ලැබෙන සුළු වැටුපෙන් දරුවන් තිදෙනාත් සමග තම පවුලට ජීවත්වීමට නොහැකි තත්ත්වයක් අද වනවිට උදා වී ඇති බැවින් රැුකියාවෙහි නිවාඩු දිනවල මෙලෙස නිට්ටඹුව නගරයට පැමිණ ගීත ගායනා කරමින් අමතර මුදලක් සොයා ගැනීමේ නිරත වන බව ඔහු පවසයි.

වේයන්ගොඩ අතිරේක – ඉන්දික තුෂාර, වේයන්ගොඩ – සිරිමෙවන් පතිරණ

advertistmentadvertistment
advertistmentadvertistment