ලිංගික උත්තේජන ඖෂධ හිතුමතේ ගත් 6 ක් මාස 3 ක් තුළ මිය ගිහින්  

610

වෛද්‍ය උපදෙස් අනුගමනය නොකර ලිංගික උත්තේජනය ඇති කරන ඖෂධ ගත් පුද්ගලයන් හයදෙනකු පමණ පසුගිය මාස තුනේ මියගොස් ඇතැයි කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක ඉරේෂා දේශානි සමරවීර මහත්මිය ‘දිවයින’ට ඊයේ (01 වැනිදා) පැවසුවාය.

මෙවැනි ඖෂධ ගැනීමේදී වෛද්‍ය උපදෙස් අනුගමනය කිරීම ඉතා වැදගත් බව ද ලිංගික උත්තේජනය ඇති කරන ඖෂධ හිතුමතේ ලබාගෙන වැඩිපුරම මියගොස් ඇත්තේ අවුරුදු 20 ත් 25 ත් අතර වයසේ තරුණයන් හා අවුරුදු 40 ත් 45 ත් අතර වයස් කාණ්ඩයේ අය බව ද ඇය සඳහන් කළාය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment