ලිට්‍රෝ ගෑස් ගණන් උස්සයි

101

කි.ග්‍රෑම් 12.5 රු. 250කින් නගී
කි.ග්‍රෑම් 5 රු. 100කින් ඉහළට

ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් මිල ඊයේ (05දා) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා ඇතැයි එම සමාගම පවසයි. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250කින් ඉහළ දමා ඇත. එහි නව මිල රුපියල් 4,610කි. කිලෝ 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇත. එහි නව මිල රුපියල් 1,850කි. කිලෝ ග්‍රෑම් 2.3 සිලින්ඩරයක මිල රුපියල් 45කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 860කි.

advertistmentadvertistment
advertistmentadvertistment