ලිට්‍රෝ ගෑස් මිල අඩුවෙයි

133

ලිට්‍රෝ සමාගම විසින් ඊයේ (08 දා) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අඩු කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 246 කින් ද, කිලෝග්‍රෑම් 5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 99 කින් ද, කිලෝග්‍රෑම් 2.3 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 45 කින් ද අඩු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

මෙතෙක් රුපියල් 4910 ක් ව පැවති කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයේ නව මිල රුපියල් 4664 කි. රුපියල් 1971 ක්ව පැවති කිලෝග්‍රෑම් පහක සිලින්ඩරයක නව මිල රුපියල් 1872 ක් සහ රුපියල් 914 ක්ව පැවති කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල 869 ක් දක්වා ද අඩුවනු ඇත.

ජූලි මාසයේ සිට ලිට්‍රෝ ගෑස් සමාගම සුළු ලාභයක් ලබන බව ද එහි සභාපති මුදිත පීරිස් මහතා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. ඉදිරි මාස 3 ත් 4 ත් ඇතුළත අලුත් ග්‍රෑස් සිලින්ඩර ලබාදීමට ලිට්‍රෝ සමාගම කටයුතු කරන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

වසන්ත ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment