ලිට්රෝ ගෑස් මිල ඉහළට

170

කි.ග්‍රෑම් 12.5 රු. 80කින්
කි.ග්‍රෑම් 5 රු. 30කින්
කි.ග්‍රෑම් 2.3 රු. 15කින්


ලිට්රෝ කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80 කින් ඉහළ දැමූ බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ‘දිවයින’ට ඊයේ (6 දා) පැවසීය. ඒ අනුව එහි නව මිල රුපියල් 4360 ක් බවද හෙතෙම කීය.

එසේම ලිට්රෝ කිලෝ ග්‍රෑම් පහේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 30 කින් ඉහළ දමා ඇති අතර එම සිලින්ඩරයක නව මිල රුපියල් 1750 ක් වේ.

ලිට්රෝ කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 15 කින් ඉහළ නංවා ඇති අතර එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 815 ක් වේ.

මිල සූත්‍රයට අනුව ලෝක වෙළෙඳ පොළේ පවතින මිල ගණන්වලට සාපේක්‍ෂව මෙම මිල සංශෝධනය සිදුකළ බවත් අද (7දා) දහවල් 2.00 වන විට ලිට්රෝ ගෑස් අලෙවි සල්වල නිල් පාට ගෑස් සිලින්ඩර්වලින් පිරී තිබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් සභාපතිවරයා කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment