ලිට්‍රෝ ගෑස් මිල  නංවන්න ඉල්ලයි

337

ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමන ලෙස ලිට්‍රෝ සමාගම ඉල්ලීමක් කළ බව එහි සභාපති තෙෂාර ජයසිංහ මහතා පැවසීය.

එම ඉල්ලීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව ද කොපමණ මුදලකින් ඉහළ දමනවා ද යන්න තීරණයක් කර නොමැති අතර මේ වනවිට සමාගම රුපියල් බිලියන හතරයි දශම පහක අලාභයක් ලබන බව ද හෙතෙම කියා සිටියේය. ශී‍්‍ර ලංකාවේ දෛනික අවශ්‍යතාවට වඩා ගෑස් සිලින්ඩර් 30,000 ක් පමණ වෙළෙඳපොළට නිකුත් කරන බවත්

පසුගිය දවස් 10 තුළ මිලියනයකට ආසන්න ගෑස් සිලින්ඩර් තොගයක් නිකුත්කළ බවත් ඔහු පැවසීය. මේ වනවිට කිලෝ ග‍්‍රෑම් 12.5 ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල 2750 ක් වන අතර ලාෆ් කිලෝ ග‍්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල 4190 කි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment