ලිට්‍රෝ ගෑස් මිල පහළට

123

රජය හඳුන්වාදී තිබෙන මිල සූත්‍රයට අනුව හතරවන වතාවටත් මෙරට ගෑස් මිල ගණන් ඊයේ (05 දා) මධ්‍යම රාත්‍රියේ සිට පහළ දමනු ලැබීය.

ඒ අනුව කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4610 සිට 4409 දක්වා රුපියල් 201 කින් පහළ යන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ඊයේ (05 දා) පැවසීය.

මෙම මිල පහළ දැමීමත් සමග කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1850 සිට 1770 දක්වා රුපියල් 80 කින්ද කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 860 සිට රුපියල් 822 දක්වා රුපියල් 38 කින් පහළ දමා ඇතැයි ද ඒ මහතා කීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment