ලිට්‍රෝ ගෑස් මිල පහළට

284

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩුකිරීමට ලිට්‍රෝ සමාගම ඊයේ (05 දා) පියවර ගෙන තිබුණි.

ගෑස් මිල අඩුකිරීම ඊයේ  (05 දා) මධ්‍යම රාත්‍රියේ සිට සිදුව තිබූ අතර කිලෝග්‍රෑම් 12.5  ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 113 කින් ද කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 45කින් ද කිලෝ 2.5ක මිල රුපියල් 21 කින් ද පහළ දමා ඇත.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4551ක් ද කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1827ක් ද කිලෝග්‍රෑම් 2.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 848ක් ද වේ.

මිල සූත්‍රයට අනුව ගෑස් මිල අඩුවීම සිදුවී ඇති අතර පසුගිය මාසයේ ද (අගෝස්තු) කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 246කින් අඩුවී තිබුණි. ඊට සාපේක්‍ෂව කිලෝ ග්‍රෑම් 5 සහ 2.5 ගෑස් මිල ද අඩුවී තිබුණි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment