ලිට්‍රෝ ගෑස් විතරක් බසී

107

ලිට්‍රෝ ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 100කින් පහත දමා ඇති අතර එහි
නව මිල රුපියල් 3638කි.

මේ අතර කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 40කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1462කි.

ඊට අමතරව කිලෝගෑම් 02ග3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 19 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 681කි.

මේ අතර ගෑස් මිල සම්බන්ධයෙන් ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කර තිබේ.

ගෝලීය වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ ගියද තම එල්ගපීගගෑස් නිෂ්පාදනවල මිල වැඩි නොකරන බව එහි දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment