ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් අසූදහස  බැගින් හෙට සිට බෙදීමට ලෑස්තියි

239

දෛනිකව ලිට්‍රෝ ගෑස් ටැංකි අසූදහස (80,000) බැගින් හෙට (18 දා) සිට බෙදාහැරීමට කටයුතු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා ‘දිවයින’ට ඊයේ (16 දා) පැවසීය.

ගෑස් මෙටි්‍රක් ටොන් 3,700 ක් රැගත් නැවක් අද (17 දා) ‘දිවයින’ට පැමිණෙන බවත් එම නැවට අද මුදල් ගෙවන බවත් ඒ මහතා කීය. මීට අමතරව ගෑස් මෙටි්‍රක් ටොන් 3,600 ක් අඩංගු බවත් තවත් නැවක් අනිද්දා (19 දා) ‘දිවයින’ට පැමිණෙන බවත් එම නැවට ද මුදල් ගෙවීමේ හැකියාව ඇති බවත් ඒ මහතා කීය.

මීට අමතරව ඉන්දීය ණය යටතේ ඉතිරිව තිබෙන ඩොලර් මිලියන 100 ක මුදල භාවිතා කර ලබන සතිය තුළ තවත් ගෑස් නැව් කිහිපයක් ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇතැයි ද ඒ මහතා පැවසීය.

මේ අතර ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. එච්. කේ. වෑගපිටිය මහතා කියා සිටියේ ලාෆ් ගෑස් නැවක් මිලදී ගැනීම සඳහා සූදානමින් සිටින බවයි.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment