ලිට්‍රෝ මිල අද  සුළු මුදලකින් පහළට

117

ලිට්‍රෝ ගෑස් මිල අද (05 දා) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 100 ත් 200 ත් අතර අගයකින් පහත දමන බව ලිට්‍රෝ සමාගම පවසයි.

මෙලෙස මිල ගණන් සංශෝධනය වන්නේ කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයයි.

දැනට වෙළෙඳපොළට සපයා ඇති ගෑස් සිලින්ඩර, පාරිභෝගිකයාට අසාධාරණයක් නොවන පරිදි අඩු වූ නව මිල ගණන් යටතේ අලෙවි කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

රටේ පවතින ආර්ථික උද්ධමනය මත ගෑස් හිඟයත් සමඟ ගෑස් මිල වරින්වර ඉහළ ගිය ද අර්බුදකාරී වාතාවරණය පාලනය වෙද්දී ලිට්‍රෝ සමාගම විසින් මීට මාසයකට පෙර ද ගෑස් මිල පහත දමන ලදි.

අගෝස්තු 09 වැනිදා කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 246 කින් පහත දැමීමට ලිට්‍රෝ සමාගම පියවර ගත් අතර ඒ අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මේ වනවිට අලෙවි වනුයේ රුපියල් 4664කට ය.

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල සැලකිල්ලට ගෙන මිල සූත්‍රයට අනුව මෙලෙස මිල පහත දැමීමට කටයුතු කරන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment