ලිට්‍රෝ සභාපති ඉවත් කිරිමේ තීරණය අත්හිටුවයි

100

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා එම තනතුරින් ඉවත් කිරීමේ තීරණය අත්හිටුවා තිබේ.

එම තීරණය අත්හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් මුදල් අමාත්‍යාංශයට උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වේ.

කෙරවලපිටියේ පිහිටි ලිට්‍රෝ ගෑස් පර්යන්තය ඊයේ (13 දා) ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නිරීක්‍ෂණයට ලක් වූ අතර එම නිරීක්‍ෂණ චාරිකාවේදී ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා වෙත එම උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වේ.

මීට පෙර ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ධුරයෙන් තෙෂාර ජයසිංහ මහතා ඉවත් කර එම තනතුර සඳහා හිටපු පළාත් සභා මන්ත‍්‍රී රේණුක පෙරේරා මහතා පත් කිරීමට තීරණය කර තිබිණි. මේ බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ශ‍්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවේ සමාගම් ලේකම්වරයා වෙත ලිපියකින් දැනුම් දී තිබිණි.

එහෙත් නව උපදෙස් අනුව තෙෂාර ජයසිංහ මහතා ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ලෙස තවදුරටත් කටයුතු කරනු ඇති බව මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග ඊයේ (13 දා) සවස ‘දිවයින’ට තහවුරු කළේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment