ලිට්‍රෝ සමාගමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඔක්සිජන් ටැංකි 600ක්

286

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය වෙත ඔක්සිජන් ටැංකි 600ක් පරිත්‍යාග කිරීම 21 වැනිදා සිදු කෙරිණි.

එම අවස්ථාවට ලිට්‍රෝ සමාගමේ සභාපති සහ ප‍්‍රධාන විධායක නිලධාරී තෙෂාර ජයසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

එහිදී අදහස් දක්වමින් ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා කියා සිටියේ හුස්මපොදක වටිනාකම වචනවලින් අර්ථකථනය කළ නොහැකි කාල වකවානුවක හුස්ම අයදින මිනිසුන් වෙනුවෙන් ශක්තියක් වන්නට ජීවයෙන් පණ පොවන්නට ඉදිරිපත් වීමට හැකිවීම භාග්‍යයක් බවයි.

සිය ආයතනය පිළිබඳව විශ්වාසයෙන් අත්වැල් බැඳගෙන සිටින ලක්ෂ සංඛ්‍යාත පාරිභෝගික ප‍්‍රජාව ද මෙවැනි සමාජ සත්කාරයන් පිටුපස කොටස්කරුවන් බවත් සිහිපත් කළ හෙතෙම ඉදිරියටත් රාජ්‍ය ආයතනයක් ලෙස රටට හා ජනතාවට අවැසිම අයුරින් අවැසිම තැන නොනැවතී පෙනී සිටින බවත් ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා වැඩිදුරටත් කීවේය.

සිරිමන්ත රත්නසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment