ලිට්‍රෝ 1257 කින් උස්සා රු. 75 කින් බස්සයි

133

ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල යළි සංශෝධනය කර තිබේ.

ඒ අනුව කිලෝ ග‍්‍රෑම් 12.5 ක ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 75 කින් පහත දමා තිබේ. ඒ අනුව නව මිල 2675 ක් වේ.

කිලෝ ග‍්‍රෑම් 05 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 30 කින් අඩුකර තිබෙන අතර ඒ අනුව නව මිල රුපියල් 1071 ක් වේ.

කිලෝ ග‍්‍රෑම් 2.5 ක සිලින්ඩරයක මිල රුපියල් 14 කින් අඩුකර තිබෙන අතර ඒ අනුව නව මිල රුපියල් 506 ක් වේ.

ලාෆ් ගෑස් කිලෝ 12.5 ක මිල 2840 ක් වේ. එම වර්ගයේ කිලෝ ග‍්‍රෑම් 05 ක මිල රු. 1136 ක් වේ.

ගෑස් සමාගම් විශාල ලෙස මිල වැඩි කළද ගෑස් අලෙවි නියෝජිතයන් සඳහා එම සමාගම් විසින් ලබාදුන් කොමිස් මුදලේ වැඩිවීමක් කර නැතැයි ගෑස් අලෙවි නියෝජිතයෝ පවසති. කිලෝ ග‍්‍රෑම් 12.5 සිලින්ඩරයකින් ලැබුණු රුපියල් 64.30 ද, කිලෝ ග‍්‍රෑම් 05 සිලින්ඩරයෙන් ලැබුණු රුපියල් 25.71 කද, කිලෝ 2.5 සිල්න්ඩරයකින් ලැබුණු රුපියල් 11.83 ක කොමිස් මුදල ඒ ආකාරයෙන් පවතී. නව සිල්න්ඩර් මිලදී ගැනීම සඳහා තමන්ට විශාල තැන්පත් මුදලක් වැය කිරීමට සිදුව ඇතැයිද අලෙවි නියෝජිතයෝ කියති.

චමින්ද සිල්වා, ඇන්ටන් ප‍්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment