ලිතුවේනියාවේ රියැදුරු ඇබෑර්තු හයසියයක් සඳහා ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව

171

යුරෝපයේ රටවල් හරහා භාණ්ඩ ප්‍රවාහනය කරන ලිතුවේනියාවේ ප්‍රමුඛ සමාගමක් ට්‍රක් රථ රියැදුරන් හය සියක් සඳහා ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව ලබාදෙන බව ලිතුවේනියාවේ Manvesta ප්‍රවාහන සේවයේ ජේෂ්ඨ අධ්‍යක්ෂ ධනා ජැනරිකෙඒට් මහත්මිය පවසයි.

ඇය ඇතුළු නියෝජිත පිරිසක් පසුගිය(13)දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූහ.

මෙම කඩිනම් බඳවා ගැනීම සඳහා අගමැතිවරයාගේ මැදිහත්වීම අපේක්ෂා කරන බව ඇය සදහක් කළාය. තෝරාගත් රියැදුරන් සඳහා කඩිනම් පුහුණු වැඩසටහන් අවශ්‍ය වේ. ඇබෑර්තු හයසියයක් පැවතියත් තෝරා ගැනීමට හැකිවි ඇත්තේ කුසලතා ඇති එක සිය නව දෙනෙකු පමණි. එක් රියැදුරෙකුට රුපියල් මිලියනක පමණ මාසික වැටුපක් හිමිවේ. යුරෝපයේ ප්‍රමිති සමාගම් 500 වැඩි සංඛයාවකට සුඛෝපභෝගී මෝටර් රථ, ආහාර සහ අනෙකුත් භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා කොන්ත්‍රාත්තු තම ආයතනය සතු බවද ඇය පැවසුවාය. ඒ සඳහා මූලික ඉංග්‍රීසි දැනුම ඇති හොඳ රියැදුරන් අවශ්‍ය වේ.

මෙම පුහුණු කටයුතු සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියැදුරු පාසලේ සහ අනිකුත් පුහුණු මධ්‍යස්ථානවල රියදුරු පුහුණු පහසුකම් යොදා ගත හැකි බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මෙවැනි රියදුරු රැකියා සඳහා අයදුම්කරුවන් පිළිබඳ දත්ත බැංකුවක්ද ස්ථාපිත කිරීම පිළිබඳව කම්කරු ඇමැතිවරයා සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග සාකච්ඡා කරන බවද අග්‍රාමාත්‍ය වරයා කීය.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, Manvesta පුහුණු ප්‍රධානි (Aussie Isganaitis), ඔසී ඉග්නේෂස් Fortuna ආයතනයේ අධ්‍යක්ෂ සුසී පෙරේරා යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment