ලිදුල පරදී

182

තලවකැලේ ලිදුල නගර සභාවේ 2022 වසර සදහා අයවැය ඇස්තුමේන්තුව දෙවන වරටත් අද (20) දින එම නගර සභාවේ සභාපති ලෙච්චුමන් භාරතිදාසන් මහතා විසින් ඉදිරිපත් කල අවස්තාවේ අයවැය යෝජනාව වැඩි ජන්ද දෙකකින් පරාජයට පත් වි ඇත.
එම නගර සභාවේ 2022 වසර සදහා ඉකුත් (07) දින සභාපතිවරයා විසින් අයවැය යෝජනාව සභාව වෙත ඉදිරිපත් කල අවස්තාවේ පාලක පක්ෂයේ මන්ත්‍රිවරයෙකුද අයවැයට විරුද්ධව ජන්දය ප්‍රකාශ කිරිම නිසා එදින අයවැයද පරාජයට පත් විණ.
තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිවරයා විසින් අද දින දෙවන වරට අයවැය යෝජනාව ඉදිරිපත් කල අවස්තාවේ එයට විරුද්ධව පාලක පක්ෂය නියෝජනය කරන ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නාගරික මන්ත්‍රිවරුන් වන චන්දන ගුණතිලක සහ ප්‍රසන්න කුමාර විතානගේ යන මන්ත්‍රිවරුන් ජන්දය ප්‍රකාශ කිරිම නිසාඅයවැය යෝජනාව පරාජයට පත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment