ලින්ක් සමහන් SP බාම්, ඇපරල් ප්‍රිමියර් ලීග් තරගාවලියේ නිල සෞඛ්‍ය අනුග්‍රාහක ලෙසින් සුව සහනය ගෙන දෙයි

104

ලින්ක් නැචුරල් ශ්‍රී ලාංකීය ක්‍රීඩා ක්ෂේත්‍රයට දක්වන දායකත්වය තවදුරටත් පෙන්නුම් කරමින් ලින්ක් සමහන් SP බාම්, මේ දිනවල පැවැත්වෙන ඇපරල් ප්‍රිමියර් ලීග් තරගාවලියේ (APL) ‘නිල සෞඛ්‍ය අනුග්‍රාහක’ ලෙසින් කටයුතු කරයි.

APL තරගාවලිය සඳහා ‘නිල සෞඛ්‍ය අනුග්‍රාහක’ ලෙස දායක වෙමින්, ලින්ක් නැචුරල් කණ්ඩායම ක්‍රීඩකයන්ගේ ප්‍රතිශක්තිය ඉහළ නංවන පානයක් ලෙසින් ලින්ක් සමහන් ලබා දුන් අතර, ඔවුන්ගේ වෙහෙස හා වේදනාවන් සමනය කිරීමට ඉවහල් වන ලින්ක් සමහන් SP බාම් ගල්වා විඩාවට හා වේදනාවට පත් සිරුරු සම්භාහනය කරනු ලැබිණි. ලින්ක් සමහන් SP බාම්, කැක්කුම් සහ වේදනාවන් සඳහා ආරක්ෂිත සහ ක්ෂණික සහනයක් අත්කර දෙන ඖෂධීය බාම් වර්ගයක් වන අතර, ඖෂධීය ශාකමය ඖෂධ වර්ග 6ක් සහ ශාකමය වාෂ්පශීලී තෙල් වර්ග 9ක් යොදා එය නිපදවා තිබේ. ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ඖෂධීය නිෂ්පාදනයක් වන ලින්ක් සමහන් SP බාම්, නවීන විද්‍යාව හා තාක්ෂණය උපයෝගී කර ගනිමින් එහි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා විශේෂයෙන් සකස් කර තිබේ. හිසරදය, කොන්දේ වේදනාව, බෙල්ලේ සහ උරහිසේ වේදනාව, ඔසප් වේදනාව, උළුක්කුව සහ තැලීම් මෙන්ම, සෙම්ප්‍රතිශ්‍යාව සහ නාසයේ අවහිරතාව ආදී වශයෙන් ඕනෑම අයකුට එදිනෙදා මතුවන ශාරීරික අපහසුතා සඳහා ලින්ක් සමහන් SP බාම් භාවිතා කළ හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment