ලියන් පුහුණුකාරිණියන් කරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් අත තබයි

135

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව රට තුළ ප්‍රචලිත කිරීම වෙනුවෙන් ක්‍රිකට් පුහුණු කිරීමේ ක්‍රමවේදය පිළිබඳව මූලික දැනුමක් කාන්තාවන්ට ලබා දීම සඳහා පුහුණු පාඨමාලාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත.

මූලික අදියරයේ සිට පැවැත්වෙන මෙම පුහුණු පාඨමාලාවට සහභාගිවීමට කැමැති වයස අවුරුදු 18 ට වැඩි කාන්තාවන්ට මේ සඳහා අයැදුම් කළ හැක. මෙහිදී ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලුණු කාන්තාවන්ට අමතරව දිවයින පුරා පාසල්වල සේවය කරන ශාරීරික පුහුණු උපදේශිකාවන්ට සහ කාන්තා ක්‍රීඩා පුහුණුකාරිණියන්ට ද මෙම පුහුණු පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව උදාවනු ඇත.

ශ්‍රී ලංකාවේ පළාත් 4 ක් කේන්ද්‍ර කර ගනිමින් මෙම පුහුණු පාඨමාලාව ක්‍රියාත්මක වේ. එහිදී මධ්‍යම සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධව එක් කේන්ද්‍රස්ථානයකදීද වයඹ, උතුරු මැද සහ උතුරු යන පළාත ඒකාබද්ධව එක් කේන්ද්‍රස්ථානයකදීද, දකුණ සහ ඌව පළාත් එක් කේන්ද්‍රස්ථානයකදීද සහ බස්නාහිර පළාතේද මෙම පුහුණු පාඨමාලාවන් ක්‍රියාත්මක වනු ඇත.

මෙහි ඇති විශේෂත්වය වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වාදීමේ පටන් ක්‍රියාත්මක අදියර 0 සිටම පාඨමාලාව ක්‍රියාත්මක වීමය. මේ සඳහා උනන්දු වන කාන්තාවන්ට මෙම අදියර නිමාවීමෙන් පසු ඉදිරියේදී පුහුණු අදියර සල සස සහ සසස යන (ඛැඩැක සල ඛැඩැක සසල ඛැඩැක සසස) පාඨමාලාවන් හැදෑරීමෙන් පසු ජාත්‍යන්තරය දක්වා යෑමේ අවස්ථාව උදාකරදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත.

ඒ ඒ පළාත් වෙනුවෙන් පුහුණු පාඨමාලා පැවැත්වීම සඳහා පුහුණු උපදේශකයින් පත් කර තිබෙන අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ඔවුන් ඇමැතීමෙන් ලබාගත හැක. මධ්‍යම සහ නැඟෙනහිර පළාත වෙනුවෙන් 0743442505 යන අංකයට ද, වයඹ, උතුරු මැද සහ උතුරු පළාත වෙනුවෙන් 0777718303 යන අංකයටද, දකුණ සහ ඌව පළාත වෙනුවෙන් 0743449388 යන අංකයටද සහ බස්නාහිර පළාත වෙනුවෙන් 0743451550 යන දුරකථන අංකයට ද අමතා වැඩිදුර තොරතුරු දැනගත හැක.

advertistmentadvertistment
advertistmentadvertistment