ලියනාර්ඩෝ සහ ”සලායි” අතර සම්බන්ධය

353

පුනරුද සමයේ ‘මොනාලීසා’ සිතුවම් කරන ලද්දේ ඉතාලි ජාතික ලියනාර්ඩෝ ඩා වින්සි (1452-1519) විසිනි. ඔහු යුරෝපීය පුනරුද චිත‍්‍ර ශිල්පියෙකු මෙන්ම බහුවිද විශාරදයෙකි. එහෙත්, සෘජුවම ලියනාර්ඩෝ ඩා වින්සි යනු මතභේදයකට ලක් වූ චරිතයකි. 1910 දී සිග්මන්ඞ් ෆ්‍රොයිඞ් විසින් රචිත ”ලියනාර්ඩෝ ඩා වින්සි සහ ඔහුගේ ළමා කාලය පිළිබඳ මතකයක්” යන මාතෘකාවෙන් යුත් මතභේදාත්මක ග‍්‍රන්ථයෙන් වසර පන්සියකට පෙර විසූ කලාකරුවාගේ චරිතය විශ්ලේෂණය කරයි. මෙයින් ලියනාර්ඩෝ සමලිංගික නමුත් බ‍්‍රහ්මචාරියකු බව ප‍්‍රකාශ කරයි. 1476 අපේ‍්‍රල් 9 වෙනිදා මේ චිත‍්‍ර ශිල්පියාට ලිංගික අපචාර චෝදනා කරමින් ෆ්ලෝරන්ස් හි බලධාරීන්ට පැමිණිල්ලක් ලැබිණි. ඒ වන විට ලියනාඩෝට යන්තම් වයස අවුරුදු 23 කි. අස්වාභාවික ලිංගික හැසිරීම් නීති විරෝධී වුවත්, ඉතාලියේ ෆ්ලෝරන්ස් හි පිරිමියකු තවත් පිරිමියකු සමඟ ලිංගිකව එක්වීම සාමාන්‍ය දෙයක් විය. ඉතිහාසඥ මයිකල් රොකී විසින් ලියන ලද තහනම් මිත‍්‍රත්වයන් පොතේ සඳහන් වන්නේ බොහෝ පිරිමින් මෙම වැරැද්ද කර විනිසුරුවන් ඉදිරියේ පෙනී සිටින බවයි.

මේ කාලයේ සමලිංගික ඇසුර පැවැත්වූ ජනප‍්‍රියම දෙදෙනකු වන්නේ මයිකල් ඇන්ජලෝ හා නිකලෝ මැකියාවෙලි ය. මයිකල් ඇන්ජලෝ පුනරුද සමයේ තවත් ප‍්‍රසිද්ධ කලාකරුවෙකි. සුප‍්‍රසිද්ධ ඬේවිඞ් ප‍්‍රතිමාවේ මූර්ති ශිල්පියාය. නිකලෝ මැකියාවෙලි කීර්තිමත් දේශපාලන චින්තකයෙකි.

ලියනාර්ඩෝ සහ ”සලායි” අතර සම්බන්ධය

මයිකල් ඇන්ජලෝ සිය පෙම්වතා වූ 23 හැවිරිදි ටෝමසෝ වෙනුවෙන් ආදර කවි ලිවීය. මැකියාවෙලි චින්තකයා රිසියෝ නම් පිරිමි ලිංගික ශ‍්‍රමිකයකු සමඟ සම්බන්ධකම් පැවැත්වීය.

ලියනාර්ඩෝ කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධයක් පැවැත්වූ බවට කිසිදු සාක්ෂියක් නොමැත. බොහෝ ඉතිහාසඥයින් පිළිගෙන ඇත්තේ ඔහුගේ දිගුකාලීන ආධුනිකයකු වූ ”සලායි” (”කුඩා යක්ෂයා”) යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ගියාකොමෝ කැප්රෝටි සමඟ ආදරයෙන් බැඳී සිටි බවයි.

ලියනාර්ඩෝ සහ ”සලායි” අතර සම්බන්ධය වඩාත් කතාබහට ලක්වන එකකි. සලායි 1490 දී ලියනාර්ඩෝ ගේ නිවසට එන අතර ඔහුගේ සහයකයා ලෙස සම්බන්ධ විය. එවිට ඔහුට වයස අවුරුදු 10කි. පසුව ඔහු චිත‍්‍ර ශිල්පියෙක් විය. ලියනාර්ඩෝ සලායිට වඩා අවුරුදු 28 ක් වැඩිමල්ය. ලියනාර්ඩෝ ඔහුට ඉඩමක් ද තෑගි කර තිබේ. ජෝර්ජි ඕ වසාරි විසින් රචිත ”ඔයැ ඛසඩැි දෙ ්රඑසිඑ” නම් පොතේ ඩාවින්සි ගේ ප‍්‍රියතමයා වන සලායි, ලස්සන සහ රැලි සහිත හිසකෙස් ඇති තරුණයෙකු ලෙස හඳුන්වයි. සලායි, ලියනාඩෝගේ බොහෝ නිර්මාණ සඳහා ආදර්ශයක් විය. 16 වන ශතවර්ෂයේදී චිත‍්‍ර ශිල්පී ගියන් පාලො ලොමසෝ පවසා ඇත්තේ ලියනාර්ඩෝ සහ සලායි දෙදෙනාම ලිංගික සම්බන්ධකම් පැවැත්වූ බවයි. ලොකුම ආන්දෝලනය වී ඇත්තේ 43 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ 15 හැවිරිදි සහකාර සේවකයකු ලිංගිකව එක්වීමයි. සලයි පුරා වසර 25 ක් ලියනාර්ඩෝ සමඟ නිවසේ නැවතී සිටියේය. නමුත් සලායි ලියනාර්ඩෝ සහ ඔහුගේ අමුත්තන්ගෙ බඩු සොරකම් කළ අයෙකි. කෑදර ලෙස වැඩියෙන් ආහාර ගත් ඔහු වැඩ කරන පන්තියේ තරුණ පිරිමි ළමයෙකි. පැහැදිලිවම ඔහු හැසිරවීමට ඉතා අපහසු විය.

ලියනාර්ඩෝගේ තවත් සහකාරයකු ගැන කියවෙන නමුත් මේ දෙදෙනා අතර ලිංගික සම්බන්ධයක් තිබුණා ද යන්න පැහැදිලි නැත. ෆ‍්‍රැන්චෙස්කෝ මෙල්සි ලියනාර්ඩෝගේ ජීවිතයට පැමිණියේ 1505 දී පමණ ය. මෙම තරුණයා උසස් පවුලකට අයත් වූ අතර, පෞද්ගලික ලේකම්ට සමාන භූමිකාවක් ගොඩනඟා ගත්තේය. මොවුන් අතර පැවතියේ පියාට සහ පුතාට සමාන කරන සමීප සමීපතාවයකි. මෙල්සි හැසිරීම හා ක‍්‍රියාකාරිත්වය සලායිට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් විය. ලියනාර්ඩෝ විසින් මෙල්සි ආමන්ත‍්‍රණය කරනු ලැබුවේ ‘මාස්ටර් ෆ‍්‍රැන්චෙස්කෝ’ යනුවෙනි. කවරක් නමුත් ඉතාලි පර්යේෂකයන් කණ්ඩායමක් ප‍්‍රකාශ කර ඇත්තේ සලායි නොහොත් කුඩා යක්ෂයා මොනාලිසා චිත‍්‍රය සඳහා ආදර්ශය වී තිබේ. මොනාලිසාගේ මුහුණේ ලක්ෂණ, විශේෂයෙන් නාසය සහ මුඛය සලායිට හිමිකම් කියයි. ”මොනාලිසා” සෑදෙන අකුරු ”ඵදබ – ී්ක්බි” ලෙස නැවත සකස් කළ හැක. සලායි 1523 ජුනි 14 වන දින බියන්කා නම් කාන්තාව සමග විවාහ වන විට වයස අවුරුදු 43ක් විය. නමුත් දුනු ප‍්‍රහාරයකට ලක්වීම හේතුවෙන් 1524 දී ඔහු මරණයට පත්විය. දේහය මිලාන්හි භූමදානය කරන ලදී.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment