ලියාපදිංචි නොකළ ඖෂධ ගෙන්වීම ගැන ඖෂධ නියාමන අධිකාරිය වගකිව යුතුයි

99

රවි කුමුදේශ්

ලියාපදිංචි නොකළ ඖෂධ මෙරටට ගෙන්වීම හා එම ඖෂධ මෙරටදී ලියාපදිංචි නොකිරීම බරපතළ මාෆියාවක් බවත්, ඖෂධ නියාමන අධිකාරිය එහි වගකීම භාර ගත යුතු බවත්, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.

මෙරට සෞඛ්‍ය සේවාව මේ වනවිට හදිසි ආපදාවක පැවතියත්, ඖෂධ නියාමන අධිකාරිය එය හඳුනානොගෙන කටයුතු කිරීම නිසා ඖෂධ සහ සෞඛ්‍ය සැපයුම් ඒකාධිකාරයකට යටත්ව ඇතැයි හෙතෙම චෝදනා කරයි.

ඉන්දීය ණය ආධාර යටතේ ලැබෙන සෞඛ්‍ය සැපයුම් වුවමනාවෙන් මගහැරීම, ප්‍රමාද කිරීම සහ වලංගු කිරීමට බාධා කිරීම හේතුවෙන් මෙරට සෞඛ්‍ය සේවාව මේ මොහොතේ බරපතළ අර්බුදයකට මුහුණදී ඇතැයි ද ඒ මහතා පෙන්වා දෙයි.

තරඟකාරී නොවන මිලට ලියාපදිංචි නොකළ ඖෂධ රටට ගෙන්වීමට සෞඛ්‍ය ඇමැතිවරයා ඇතුළු පාර්ශ්ව ක්‍රියාකර ඇත්තේ ඇතැම් විශේෂඥයන්ගේ සහ නියාමන අධිකාරියේ වැරදි හැසිරීම භාවිත කරමින් බවත් මෙම තත්ත්වයට සෞඛ්‍ය අමාත්‍යාංශය, නියාමන අධිකාරිය මෙන්ම රජය ද සම්පූර්ණ වගකීම භාර ගත යුතු බවත් හෙතෙම කියා සිටී.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment