ලියාපදිංචි නොකළ පී.සී.ආර්. කට්ටල 6600 ක් අත්අඩංගුවට; වටිනාකම කෝටි තුනකට වැඩියි

64

මෙරට ලියාපදිංචි නොකළ, රුපියල් කෝටි තුනකට අධික වටිනාකමින් යුත් පීසීආර් පරීක්‍ෂණ කට්ටල 6600ක් පමණ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙරට ලියාපදිංචි නොකළ පීසීආර් කට්ටල මගින් වෛද්‍ය රසායනාගාරයක පීසීආර් පරීක්‍ෂණ සිදු කරන බවට ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පෙරේදා (16 වැනිදා* එම වෛද්‍ය රසායනාගාරය පරීක්‍ෂා කිරීමේ දී මෙරට ලියාපදිංචි නොකළ පීසීආර් පරීක්‍ෂණ කට්ටල 06ක් පමණ ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව එහි ප‍්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.

ලියාපදිංචි නොකළ පී.සී.ආර්. කට්ටල 6600 ක් අත්අඩංගුවට; වටිනාකම කෝටි තුනකට වැඩියි

ඒ අනුව එම රසායනාගාර නිලධාරීන්ගෙන් සිදු කළ වැඩිදුර විමර්ශනයේ දී මෙරටට ඖෂධ ආනයනය කරන ප‍්‍රසිද්ධ සමාගමක ගබඩාවක් පරීක්‍ෂා කළ ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් විසින් එම ගබඩාවේ සඟවා තිබූ මෙරට ලියාපදිංචි නොකළ පීසීආර් පරීක්‍ෂණ කට්ටල 100ක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම එක් පීසීආර් කට්ටලයක පරීක්‍ෂණ නියැදි 100ක් පමණ අඩංගු වන බව ද එම ප‍්‍රකාශකයා කියා සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් මෙම පරීක්‍ෂණ කට්ටල මෙරටට ගෙන්වූ ආකාරය හා ඒවා බෙදාහැර ඇති වෛද්‍ය රසායනාගාර පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බවත් එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය රසිත විජේවන්ත මහතාගේ උපදෙස් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරන ලදී.

ප‍්‍රභාත් විතාන, සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment