ලියාපදිංචි පැළ තවානක් හදාගෙන අතමිට සරු කරගන්නා හැටි…….

830

* පලතුරු බද්ධපැළ වලට නොනවතින ඉල්ලූමක්…
 
 * පොඩි බිම් කැබැල්ලක් තිබෙන කෙනෙකුට ඇරඹිය හැකි හොඳ ව්‍යාපාරයක්
 
 * බද්ධකිරීමේ පුහුණුවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන්ම දෙනවා
 
 * ප‍්‍රාදේශීය කාර්යාල 24 කින් සහායක සේවා අත ළඟටම

ලියාපදිංචි පැළ තවානක් හදාගෙන අතමිට සරු කරගන්නා හැටි.......

තම ගෙවත්තේ පලතුරු ගසක් දෙකක් වවාගන්නට බොහෝ ශ‍්‍රී ලාංකිකයන් තුළ ඇත්තේ ඉහළ කැමැත්තක් වුවත්, එම සිහිනය යථාර්ථයක් කරගැන්මට ඇති අවහිරතාද නැත්තේ නොවේ. දැන් තිබෙන ගෙවතු පෙර කල තිබූ ඒවා මෙන් විශාල ඒවා නොවන්නේය. ඒ නිසා බොහෝ අය යොමුවෙන්නේ කුඩාවට සෑදෙන බද්ධ පලතුරු ගසක් සාදා ගැනීමටයි. නියම ප‍්‍රභේදයට අයත්වෙන සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ‘කහ ලේබලයක්’ යොදා සහතික කළ බද්ධපැළ සොයා ගියත් ඉල්ලූමට සරිලන සැපයුමක් නම් රාජ්‍ය හා පෞද්ගලික අංශය දෙකම එකතුවී කෙරුවත්, මෙම ව්‍යාපාරය තුළින් නොලැබෙන බව පැළ සොයන්නෝ පවසති. එසේනම් බද්ධපැළ නිපදවන තවානක් පිහිටුවා ගැනීම හොඳ ව්‍යාපාරික අඩිතාලමක් බව පැහැදිලිය. ඉතා සුළු මට්ටමෙන් ආරම්භ කර මේ වනවිට වාර්ෂිකව පැළ ලක්ෂ ගණනින් නිපදවන සාර්ථක ව්‍යාපාරික තවාන්කරුවන් දෙස බලද්දී මේ බව තව තවත් සනාථවී යයි. තමා සතු පොඩි ඉඩම් කැබැල්ලේ දැනට තවානක් පවත්වාගෙන යන කෙනෙකුට හෝ අලූතින්ම බද්ධපැළ නිපදවන තවානක් ආරම්භ කිරීමට හිතක් ඇති කෙනෙකුට හෝ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය සහිත තවානක් බිහිකර ගැනීමට ප‍්‍රයෝජනවත් විය හැකි මූලික විස්තරයක් ඉදිරිපත් කරන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීමේ සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්දිරා ආරියරත්න මහත්මියයි. බහුවාර්ෂික බෝග සහතිකකිරීමේ අංශයේ ප‍්‍රධානියා වන්නේද ඇයයි.

ලියාපදිංචි පැළ තවානක් හදාගෙන අතමිට සරු කරගන්නා හැටි.......

”දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාව තමයි සහතික කළ බද්ධපැළ නිපදවන පෞද්ගලික තවාන් වැඩි වැඩියෙන් බිහිකිරීමට අනුබල දීම. ඒ හරහා රටේ ගුණාත්මක පලතුරු නිෂ්පාදනය, පරිභෝජනය, අපනයනය, වගේ හැම දෙයක්ම වැඩිවෙනවා. ඒ නිසා අපි වාර්ෂිකව තවාන්කරුවන් ලියාපදිංචි කරගන්නවා. අපිට ප‍්‍රාදේශීය දිස්ත‍්‍රික් කාර්යාල 24 ක් තිබෙනවා. ඒ තැනකින් ලියාපදිංචිය සඳහා වූ පෝරමය ලබාගත හැකියි. මීට අමතරව අපේ වෙබ් අඩවියෙත් අයැදුම්පත තිබෙනවා. එය පුරවලා තම ප‍්‍රදේශය භාර කෘෂිකර්ම උපදේශකවරයාට භාරදිය හැකියි. මහවැලි බල ප‍්‍රදේශයක නම් ඒ අදාළ නිලධාරියෙකුට දෙන්න ඕනෑ.”

ලියාපදිංචි පැළ තවානක් හදාගෙන අතමිට සරු කරගන්නා හැටි.......


ඒ අනුව අදාළ නිලධාරියා පැමිණ අයැදුම්කරුගේ ඉඩම පරීක්ෂාකර යෝග්‍යතාව සපුරා ඇත්නම් බීජ සහතික කිරීමේ සේවයට යොමුකෙරෙනු ඇත. ඒ අනුව ඉන්දිරා මහත්මියගේ නිලධාරීන් එහි යනු ලබයි. ප‍්‍රාදේශීය කාර්යාලද 24 ක් ඇති නිසා පේරාදෙණියේ නිලධාරීන් රටපුරා යෑමටද අවශ්‍ය වන්නේ නැත.

ලියාපදිංචි පැළ තවානක් හදාගෙන අතමිට සරු කරගන්නා හැටි.......

 ”අපි අයැදුම්කරුගෙන් බලාපොරොත්තුවෙන්නේ මූලික අවශ්‍යතාවන් කීපයක් පමණයි. අපි යනකොට එයා බද්ධ පැළ 500 ක් වත් හදල තියෙන්න ඕනෑ. ඉදිරියේදී බද්ධ කිරීමට සූදානමින් ඇට පැළ 1000 ක් වත් තියෙන්නත් ඕනෑ. ඒ වගේම අක්කර අටෙන් එකකවත් ඉඩමක් තිබීම ප‍්‍රමාණවත්. තමන්ගේම ඉඩමක් නොවුණත් තාවකාලිකව  හෝ විධිමත්ව ලබාගත් ඉඩමක මිස අනුන්ගේ ඉඩම්වල බෑ. ජල පහසුකම්, ආරක්ෂාව, පැළ බඳුන් සඳහා යෙදියයුතු අමුද්‍රව්‍ය ලබාගැනීමේ හැකියාව ගැනත් අපි බලනවා. ඊට අමතරව පැළවලට බද්ධකිරීම සඳහා අංකුර ලබාගැනීමට අප විසින් සහතික කළ මව් ගස් තිබෙන්නටත් ඕනෑ. අඩු තරමින් වෙන කෙනෙකුගේ මව් ගස් භාවිත කිරීමට අවසරය හෝ ලබා තිබිය යුතුයි. අයැදුම්කරු බීජ පනතේ ලියාපදිංචි විය යුතුයි. ඒ සඳහා අපි අවශ්‍ය උපදෙස් දෙනවා. ලියාපදිංචි ගාස්තුව වසරකට රුපියල් 290 ක්.”

 ඉන්දිරා මහත්මිය පැවසූ දෑ ලොකු අවශ්‍යතා ගොන්නක් සේ පෙනුනද, කල්පනාවෙන් බැලූකල පෙනෙන්නේ අයැදුම්කරු අපහසුවට පත්කෙරෙන කිසිදු ඉල්ලීමක් එහි අන්තර්ගත නොවන බවය. ඇත්තේ සරල සහ පහසුවෙන් සපුරාලිය හැකි අවශ්‍යතාවන්ය. නිලධාරීන් සෑහීමකට පත්වන්නේනම් ‘ඞී’ ශ්‍රේණියේ පැළ තවානක් ලෙස එයට ලියාපදිංචිය ලබාදෙන අතර වසරක් අවසානයේදී ‘සී’ ‘බී’ හෝ ‘ඒ’ ශ්‍රේණි සඳහා උසස්වීම් ලබාදෙයි. එය තීරණය වන්නේ එම වසර තුළදී තවානේදී සාදන ලද කහ ලේබල් දැමූ සහතික කළ බද්ධපැළ සංඛ්‍යාවයි. පැළ සෑදුවේ 999 කට වඩා අඩු ගණනක් නම් ‘ඞී’ ශ්‍රේණියේම තවදුරටත් සිටිය යුතු අතර 1000-2999 අතර පැළ සංඛ්‍යාවක් සෑ¥ තවාන් ‘සී’ වලට උසස් කෙරේ. මේ ආකාරයට සහතික කළ බද්ධ පැළ 3000-5999 අතර ගණනක් සෑ¥ තවාන් ‘බී’ ශ්‍රේණියටද 6000 කට වඩා වැඩියෙන් පැළ සාදන තවාන් ‘ඒ’ ශ්‍රේණියටද දැමේ. යමෙක් වඩාත් කාර්යක්ෂම නම් පළමු වසර තුළදීම පැළ 6000 කට වැඩියෙන් සාදා පියවරෙන් පියවරට ‘ගාටන්නේ’ නැතිව ‘ඞී’ සිට ‘ඒ’ දක්වා ඍජුවම යෑමේ හැකියාවද තිබේ. එසේම වසර දෙකකට වඩා ‘ඞී’ වලම සිටියහොත් ඉබේම ලියාපදිංචියත් අවලංගු වී යන්නේය.

 ”මේ විස්තරය බලන කෙනෙකුට ලියාපදිංචි තවානක් සකසා ගැනීමට සිත් පහල වුවත් හිතෙන්න පුළුවන් බද්ධකිරීම ගැන නොදන්නා මම කොහොමද බද්ධ පැළ හදන්නේ කියලා. ඒ ගැන නම් බයවෙන්න එපා. අපි ඒ පුහුණුව දෙනවා. අපෙන් ඉල්ලූම් කරලා පුහුණුවකුත් අරගෙන වැඩ පටන්ගත් අය ඕනෙතරම් ඉන්නවා”

 ඉන්දිරා මහත්මිය අවසන් වශයෙන් පැවසූ එම වදන් පෙළ ආධුනිකයන් හට ලබාදෙන්නේ ඉතා ඉහළ ආත්ම විශ්වාසයකි. ඉතා සුළු මට්ටමෙන් අරඹා මේ වනවිට සාර්ථක ලියාපදිංචි තවාන්කරුවෙකුගේ විස්තරය අප මෙසේ ඉදිරිපත් කරන්නෙමු. ඔහු බටඅත ජී. ජී. ඞී. සමරනායක මහතායි. මීට විසි වසරකට පමණ පෙර මිරිස්, එළවළු වර්ග යනාදිහිද, දෙළුම්, දෙහි වැනි ඇට පැළද සාදමින් ජීවිතය ගැටගසාගත් කුඩා ගොවියෙකි. ඔහු සඳහා දින තුනක පුහුණුවක් 2007 වසරේදී ලබාදීමට මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ පළාතේ කෘෂිකර්ම උපදේශකවරයාය.

 ”ඒ පුහුණුව මගේ සිත උඩු යටිකුරු කළ බව කීවොත් නිවැරදියි. මම තීරණය කෙරුවා පලතුරු පැළ හදන්න.

 අක්කරයකින් හයෙන් පංගුවක විතර ඉඩමක් තමයි තිබුණේ. අවුරුදු පහක් විතර යනකොට මම රුපියල් 10000 ක ණය මුදලක් ඉල්ලා ගත්ත බැංකුවෙන්. හදපු පැළ අම්බලන්තොට, හම්බන්තොට වගේ තැන්වල පොළවල් වලදී විකුණුවා. තව අවුරුදු පහක් විතර යනකොට තනියෙම වැඩ කරන්න බැරි නිසා සේවකයෙකුත් ගත්තා. ඒ සමග බැංකුවෙන් රුපියල් ලක්ෂයක ණය මුදලකුත් දුන්නු නිසා සේවකයෝ දස දෙනෙක්ව ගත්තා. එතනින් මාස හයක් ඉක්මවෙත්දී ලක්ෂ 10 ක ණයක් ලැබුණා බැංකුවෙන්.”

 සමරනායක මහතාගේ පැළ තවාන මේ වනවිට අක්කර 10 ක පමණ භූමි භාගයක් වසාගෙන සිටී. පැළ තවානේ සේවකයන් විශාල සංඛ්‍යාවක්ද වැඩකරයි. එය හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ තිබෙන ‘ඒ’ ශ්‍රේණියේ පැළ තවානකි. එම පළාතට ගැළපෙන අඹ, දොඩම්, දෙළුම් ආදී පලතුරු පැළ රාශියක් ඔහුගේ පාලනය යටතේ නිපදවා බෙදා හැරේ. මේ සඳහා අවශ්‍ය මවු ශාකයන් සිය ගණනක්ද ඔහුගේ නමට ලියාපදිංචි කර ඇත. මෙම උදාහරණය අප විසින් ඉදිරිපත් කෙරුවේ මෙම ව්‍යාපාරයේ යෙදෙන්නෙකුට ඇති ස්වාධීනත්වයත්, ව්‍යාපාර සාර්ථකත්වයත් පිළිබඳ තක්සේරුවක් පාඨකයන්ට

 ලබාගැනීමටත්, රට සරුකරන දේශීය පලතුරු අනාගතයකට ශ‍්‍රී ලංකාව කැඳවාගෙන යන්නට ලැබෙන ඔබගේ දායකත්වය උත්තේජනය කිරීමටත්ය.

 සනත් එම්. බණ්ඩාර
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment