ලියුම් ලක්ෂ 10 ක් තැපෑලේ හිරවෙලා

182

තැපැල් දෙපාර්තමේන්තුවට අයත් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්ථානයෙහි පමණක් ලිපි සහ පාර්සල් ලක්‍ෂ දහයකට අධික ප‍්‍රමාණයක් බෙදා හැරීමට නොහැකිව ගොඩගැසී ඇතැයි ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණෙ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා ‘‘දිවයින’’ට ඉරිදා සංග‍්‍රහයට පැවැසීය.

මීට අමතරව රට පුරා ලිපි සහ පාර්සල් බෙදා හැරීමද මන්දගාමී තත්ත්වයට පත් වී ඇතැයිද ඒ මහතා පැවසීය.

මේ පිළිබඳව දිවයිනට අදහස් දැක් වූ එක්සත් ජාතික පක්‍ෂ තැපැල් සේවක සංගමයේ ලේකම් එච්. ආර්. නිහාල් මහතා තැපැල් දෙපාර්තමේන්තුවට ආණ්ඩුව දිගින් දිගට ම කුඩම්මාගේ සැලකිලි දැක්වීමක් තැපැල් සේවකයින් ගණනාවක් කොරෝනා වසංගතයට ගොදුරු වීමත් ප‍්‍රමාණවත් සේවකයින් සංඛ්‍යාවක් රාජකාරි කටයුතුවලට නොපැමිණීමත් ඇතුළු ගැටලූ රැුසක් ලිපිගොඩ ගැසීමට හේතු වී තිබෙන බවද කීවේය.

මේ පිළිබඳව තැපැල්පති රංජිත් ආරියරත්න මහතාගෙන් විමසූවිට ඒ මහතා පැවසුවේ තමන් මේ පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බවය.

ප‍්‍රියදර්ශන ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment