ලිස් ට්‍රස් බි්‍රතාන්‍යය භාර ගනී

373

බි්‍රතාන්‍යයේ නව අගමැතිනිය ලෙස ලිස් ට්‍රස් මහත්මිය ඊයේ (5 දා) තේරී පත් වූවාය.

 ඇය අගමැති පදවියට පත්වීමට පෙර විදේශ හා වෙළඳ ඇමැති පදවි ද හෙබවූ අතර 48 හැවිරිදි වියේ පසු වෙයි. ඇය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියකි. අගමැති බොරිස් ජොන්සන් ගේ ඉල්ලා අස්වීම නිසා එම පුරප්පාඩුවට කොන්සර්විටිව් පක්ෂයේ නායකත්වය මැතිවරණය සඳහා වූ ඊයේ තේරීමේදී ඇය පත්ව තිබේ. ඇය කොන්සර්විටිව් පක්ෂයේ මන්ත්‍රීවරියක ලෙස තේරී පත්ව දිගු කලක් ක්‍රියාකාරි දේශපාලනයේ නිරතව සිටියාය. ඇය සමග අවසන් ඡන්ද සටනට එක්ව සිටි අනෙක් තැනැත්තා අමාත්‍යවරයකු වූ රිශී සුනාක් මහතාය.

advertistmentadvertistment
advertistmentadvertistment