ලිෆ්ට් එපා – පඩි පෙළෙන් යන්න – ඒ. සී. ඕෆ් කරන්න

131

විදුලිය – ඉන්ධන පිරිමහන්න රාජ්‍ය ආයතනවලට චක‍්‍රලේඛයක්

රජයේ ආදායම් අඩුවීමත්, ආනයනික වියදම් අධික වීමත් නිසා ඇති වී තිබෙන ගැටලූ හේතුකොට ගෙන රාජ්‍ය සේවයේ විදුලිය හා ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට ඉල්ලමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා චක‍්‍රලේඛයක් නිකුත්කර ඇත.

විදුලි සෝපාන භාවිතය අඩු කිරීම හා හැකි සෑමවිටම පියගැටපෙළ භාවිතා කිරීම, විදුලි සෝපානයේ තනි පුද්ගලයකු ගමන් කිරීම වෙනුවට හැකි හැමවිටම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ගමන් කළ හැකි උපරිම පිරිසක් විදුලි සෝපානයේ ධාරිතාවය අනුව ගමන් කිරීම, එක් අයකු දෙදෙනකු රාජකාරියේ යෙදෙන විට වායුසමීකරණය වෙනුවට විදුලි පංකාවක් භාවිත කිරීම, කාර්යාලයේ නිලධාරීන් නොමැති අවස්ථාවල සියලූම විදුලි උපකරණ කි‍්‍රයා විරහිත කර තැබීමට කාර්යාල කාර්ය සහායකයන් දැනුවත් කිරීම, නිලධාරීන් සිය කාර්යාලයෙන් බැහැර වනවිට සියලූම විදුලි උපකරණ කි‍්‍රයාවිරහිත කිරීම, අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීම.

සවස 2.30 ත් 4.30 ත් අතර කාලයේ වායුසමීකරණ අකී‍්‍රය කිරීම, උදේ කාලයේ ජනෙල් විවෘත කර තැබීම, හැකි සෑම අවස්ථාවකම වායුසමීකරණ වෙනුවට විදුලි පංකා භාවිත කිරීම, රාජ්‍ය ආයතන සතු වාහන 75000ට අධික ප‍්‍රමාණයෙන් එක් වාහනයකින් ඉන්ධන ලීටරයක් ඉතිරිකර ගැනීම, රැුස්වීම් හා සාකච්ඡුා සඳහා කොළඹින් පිට දුර ප‍්‍රදේශවලින් කොළඹ ප‍්‍රධාන කාර්යාලයට කැඳවීම හැකිතාක් අවම කිරීම, එවැනි රැුස්වීම්, සාකච්ඡුා, ’දදපල ඔැ්පි වැනි තාක්ෂණික ක‍්‍රම යොදාගෙන කි‍්‍රයාත්මක කිරීම, තැපෑල රැුගෙන ඒම, ලිපි බෙදාහැරීම ආදී කටයුතු සඳහා කාර්, වෑන් රථ වෙනුවට යතුරුපැදි, ති‍්‍රරෝද රථ, පාපැදි භාවිත කිරීම, සෞඛ්‍ය, ආරක්ෂක හා අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන් පවත්වා ගැනීම සඳහා එම අංශවලට අවශ්‍ය ඉන්ධන හිඟයකින් තොරව ලබාදීමට තෝරාගත් ඉන්ධන්හල්වල ඉන්ධන සංචිත පවත්වාගෙන යෑම ඇතුළු තවත් කරුණු කිහිපයක් සඳහන් කරමින් චක‍්‍රලේඛය නිකුත්කර ඇත.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment