ලීග් රග්බි තරගාවලියේ මහනුවර පෙරමුණේ

96

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ මෙහෙයවීමෙන් දැන් ක්‍රියාත්මක ‘නිපෝන් පේන්ට් අභියෝග කුසලාන’ අන්තර් සමාජ ලීග් රග්බි පාපන්දු තරගාවලියේ තෙවන සති අන්තය වන විට ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රීඩකයෝ සමත් වූහ.

ඉකුත් වර ලීග් ශූරතාවටද මහනුවර ක්‍රීඩා සමාජය හිමිකම් කියයි.

මේවන විට ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවන ස්ථානය තහවුරු කර ගැනීමට සී.ආර්.ඇන්ඩ් එෆ්.සී පිල සමත් වී ඇති අතර හැව්ලොක්ස් සමාජය තෙවන ස්ථානයේ පසුවෙයි. එම දෙපිල සටහන් කර ගෙන ඇති ජයග්‍රහණ සංඛ්‍යාව 02 බැගිනි.

සී.එච්. ඇන්ඩ් එෆ්.සී සමාජය, යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව එක් ජයග්‍රහණය බැගින් වාර්තා කර

ගැනීමට සමත්ව සිටින අතර පරාජයේ අමිහිරි රස පානය කර ඇති පොලීසිය සතුව එකදු ජයග්‍රහණයක් හෝ නොමැත.

ලීග් රග්බි තරගාවලියේ මහනුවර පෙරමුණේ


අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment