ලීග් රග්බි තරගාවලියේ මහනුවර අපරාජිතයි

123

ශ්‍රී ලංකා රග්බි සම්මේලනය මෙහෙයවීමෙන් දැන් ක්‍රියාත්මක “නිපෝන් පේන්ට් අභියෝග කුසලාන” ප්‍රමුඛ පෙළ අන්තර් ක්‍රීඩා සමාජයීය ලීග් රග්බි පාපන්දු තරග මාලාවේ දෙවන සති අන්තයේදී ජයග්‍රහණ සටහන් කර ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය, යුද හමුදාව, හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ සී. එච්. එන්ඩ් එෆ්. සී. ක්‍රීඩා සමාජය සමත් විය.

ඒ අනුව මෙවර තරගාවලියේ අපරාජිත කණ්ඩායම බවට පත් වන්නට මහනුවර ක්‍රීඩා සමාජයට හැකි විය.

පසු ගිය සතියේ ජයග්‍රහණය කළ සී.ආර්.ඈන්ඩ් එෆ්.සී පිලට එරෙහිව ලකුණු 02 ක තියුණු ජයග්‍රහණයක් හිමි කර ගනිමින් තම අපරාජිත බව ආරක්ෂා කර ගැනීමට මහනුවර කණ්ඩායම සමත් විය.

එමෙන්ම, මෙවර තරගාවලියට එක් වෙමින් පළමු ජයග්‍රහණය තම කණ්ඩායම ඉදිරියේ සටහන් කර ගැනීමට යුද හමුදාව, සී.එච්. ඇන්ඩ් එෆ්.සී සහ හැව්ලොක්ස් සමාජය සමත් විය. මෙම සති අන්තයේ තරග අතරේ තියුණුම ජයග්‍රහණය සටහන් කර ගැනීමට හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සමත්වූයේ ප්‍රතිවාදී ගුවන් හමුදා පිල එක් ලකුණකින් පරාජය කරමිනි. එහි අවසන් ලකුණු තත්ත්වය කියවුණේ 36 – 35 ක් ලෙස වීම කැපී පෙනුණි.

පසුගිය වර ලීග් ශූරයන් වන ප්‍රබල මහනුවර ක්‍රීඩා සමාජයට එරෙහිව තියුණු තරගයක නිරත වූ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. පිල ලකුණු 13 – 11 ක් ලෙස පරාජයට පත් වූ අතර පොලිසියට එරෙහිව ලකුණු 02 ක ජයග්‍රහණයක් සටන් කර ගැනීමට යුද හමුදාවට හැකි විය.

නාවික හමුදාව සී.එච්. ඇන්ඩ් එෆ්.සී. පිලට එරෙහිව ලකුණු 34 – 20 ක් වශයෙන් ජයග්‍රහණය කළේය.

මහනුවර 13 සී. ආර්. ඈන්ඩ් එෆ්.සී 11

යුද හමුදාව 25 පොලිසිය 23

සී.එච්. ඇන්ඩ් එෆ්.සී. 34 නාවික හමුදාව 20

හැව්ලොක්ස් 36 ගුවන් හමුදාව 35
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment