ලීග් රග්බි මෙවර පළමු ජය නාවික හමුදාවට

98

මෙරට ප්‍රමුඛතම ක්‍රීඩා සමාජ 08 ක සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන “නිපෝන් පේන්ට් අභියෝග කුසලාන” ලීග් රග්බි තරගාවලියේ පළමු ජයග්‍රහණය වර්තා කර ගැනීමට නාවික හමුදාව නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.

මෙවර තරගාවලිය ආරම්භ කරමින් වැලිසර දී පැවති එම තරගයෙන් ප්‍රතිවාදී පොලිසිය ලකුණු 15 – 07 ක් ලෙස පරාජය කරමින් අදාළ ජයග්‍රහණය සටන් කර ගැනීමට නාවික හමුදාවට හැකි විය.

මේ අතර පෙරේදා (10 වැනිදා) හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී පැවති දෙවන තරගය ජය ගන්නට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී.පිලට හැකි විය. සත්කාරක හැව්ලොක්ස් පිල ලකුණු 23 – 21 ක් ලෙස අතිශය තියුණු පරාජයකට ලක් කරමින් අදාළ ජයග්‍රහණය සටහන් වීම කැපී පෙණුනි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment