ලීටර් 18 ගෑස් එකේ මිල ගැසට් කෙරේ -හංගලානම් 1977ට කියන්න – පාරිභෝගික සභාපති කියයි

580

ලීටර් 18ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1150ක් ලෙස සඳහන් කරමින් ගැසට් පත‍්‍රය අද හෙටම (26සහ27) නිකුත් කිරීමට කටයුතු කරන බව පාරිභෝගික අධිකාරියේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා ‘දිවයින’ට ඊයේ (25 දා) පැවසීය. වෙළෙඳපොළේ ගෑස් හිඟයක් පවතින බවට පැමිණිලි ලැබෙන බවත් එවැනි ස්ථාන පිළිබඳව 1977ට දැනුම් දෙන ලෙසත් ඔහු ඉල්ලා සිටී.

මේ වන විට ගැසට් පත‍්‍රය මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය සංශෝධනයන් සිදුකරන බවත් ලීටර් 18 සිලින්ඩරය (කිලෝ 9.5) සමග කිලෝ 12.5 අඩංගු ගෑස් සිලින්ඩරද වෙළෙඳපොළට නිකුත් කළ යුතු බවත් හෙතෙම කීය.

ලීටර් 18 ගෑස් සිලින්ඩර් සම්බන්ධයෙන් මේ වන විට මහජන පැමිණිලි 1000කට වැඩි ප‍්‍රමාණයක් ලැබී තිබෙන බවත් එමඟින් ගෑස් සිලින්ඩර්වල ගෑස් ඉක්මනින් අවසන්වීම, වැඩි වාර ප‍්‍රමාණයක් රැුගෙන යෑමට සිදුවීම ඇතුළු විවිධ අදහස් දක්වමින් පැමිණිලි ලැබී ඇති බවද ඔහු කීය.

පාරිභෝගික අධිකාරියේ තවමත් මතය වී ඇත්තේ කිලෝ 12.5ක ගෑස් සිලින්ඩරය රු. 1495ක මිලට ලබාදිය යුතුය යන්න බවද 12.5ක් ගබඩා කළ හැකි සිලින්ඩරයක අඩු ගෑස් ප‍්‍රමාණයක් ගබඩා කිරීම, ඒ මඟින් ප‍්‍රවාහන වියදම් වැඩිවීම, මහ්ජනතාව අපහසුතාවයට පත්වීම ඇතුළු අමතර වියදම් රැසක් සිදුවන බව අධිකාරිය පෙන්වාදී තිබෙන බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment